2019-06-06 11:29:50
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩටන් (Peter Dutton) ඉකුත් අඟහරුවාදා (4) දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එහිදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන ලදී.
2019-06-03 15:45:47
ගුවන් සංක්‍රමික බලසේනාවේ සහ 53 වන සේනාංකයේ 25 වන සංවත්සරයට සමගාමීව ආගන්තුක සත්කාර සමගින් දේශප්‍රේමිත්වය, සුභසාධනය, අභිමානය පෙරටු කරගත් කිලෝ මීටර් 310 කින් සමන්විත දින 5ක වෙහෙසකර පා ගමන පසුගිය ඉරිදා (2) දින වන විට ශ්‍රී දළඳා මාලිගාව වෙත ළගාවිය. මෙම වැදගත් සංවත්සරය කෙටි සමාරම්භක උත්සවයකින් ආරම්භ වීමෙන්....
2019-06-01 10:03:12
ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෛනික රාමදාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ නිලධාරීන් සහ සෙසුනිළයින් රැසක් සිකුරාදා (31) දින පස්වරුවේ වාද්දුව ‘ලායා බීච්’ හෝටලයේදී එක්විය.
2019-05-30 17:13:39
පසුගිය බ්‍රහස්පතින්දා (30) දින බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් ‘ශ්‍රී ලංකාව තුල ජාතික ආරක්ෂක උපාය මාර්ග සංවර්ධනය කිරීමේ අභියෝගයන්’ යන තේමාව ඔස්සේ සරල උත්සවයකින් ඔවුන්ගේ පළමු සම්මන්ත්‍රණය ආරම්භ වූ අතර...
2019-05-29 14:23:33
ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාවට සහ 53 වන සේනාංකයට අවුරුදු 25 ක් පිරිම නිමිත්තෙන් කිලෝමීටර් 310 ක (රාණකාමීන්ගේ පාගමන) දිගු පාගමනක ආරම්භක උත්සවය අද (29) උදෑසන මැදවච්චිය නගරයෙන් ආරම්භ වී දින 11 කින් පසු කොළඹට ළඟාවීමට නියමිතව ඇත.
2019-05-28 16:23:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘තුරුලිය වෙනුවෙන් අපි’ නැමති හරිත පරිසරයක් නිර්මාණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වීම සඳහා ප්රවිණ මෝස්තර නිර්මාණ සමාගමක් වන GFLOCK පුද්ගලික සමාගම පසුගිය අඟහරුවාදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ...
2019-05-27 16:10:19
ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෛනික රාමසාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍රය පසුගිය සෙනසුරාදා (25) දින පස්වරු 5.30 ට කොළඹ නගර සභා ශාලා පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් සිවිල් සමාජය විසින් සංවිධානය කරන ලදී.
2019-05-23 13:00:41
මාතෘ භූමියේ පරමාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා යුදබිමේ සටන් වැදුණු, පරම වීර විභූෂණ පදක්කම්ලාභී (PWV) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විරෝධාර රණවිරුවන් ජාතික වීරයන් බවට පත් කරමින් ඔවුන් හට ගෞරව දැක්වීම වස් පදක්කම්ලාභීන්ගේ වික්‍රමයන් හා ජිවිත කථාවන් ඇතුළත් ‘උත්තමාචාර’ නමින් ග්‍රන්ථය එළිදැක්වීම මෙන්ම විශේෂ සමරු කාසිය නිකුත් කිරීම, සමරු මුද්දරය සහ මුල්දින කවරය එළිදැක්වීම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බදාදා (22) දින සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති විශේෂ උත්සවයේ දී සිදුවිය.
2019-05-22 13:06:30
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බදාදා (22) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යුධ, නාවික සහ ගුවන් හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් 65 දෙනෙකු වෙත කැපවීම සහ නොකැළැල් සේවය අගයමින් විශීෂ්ඨ සේවා විභූෂණ පදක්කම් (VSV) පිරිනමනු ලැබීය.
2019-05-19 23:52:59
ජාතික සාමය සහ සංහිඳියාව යථාර්තයක් බවට පත්කරගනිමින් රටේ ඒකීයභාවයත්, සාමාන්‍ය ජනජීවිතවල හෙට දවසත් සුරක්ෂිත කරනු පිණිස ක්‍රියාන්විතයේ දී ජිවිත පූජාකල ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ 30,000 කට අධික විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය සාමයේ ‘දසවර්ෂාභිශේක’ සැමරුමට සමගාමීව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම් දින (19 වැනි ඉරුදින) සන්ධ්‍යාවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.