2019-02-24 22:43:55
පරිසරය පිරිසිදුව තබාගනීමින් අන් අයට හොඳ ආදර්ශයක් එක් කරමින්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව මත්ද්‍රව්‍ය නිවාරණය සහ ඩෙංගු මර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් කඳුරුදුව ගම්මානය සහ පානදුර - මොරටුව පැරණි මාර්ගය ආදී ප්‍රදේශයන් මූලික කොටගත් ව්‍යාපෘතියක් ඉරිදා (24) දින උදෑසන දියත් කරන ලදී.
2019-02-24 20:01:25
සේනපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ පුනරුත්ථාපනය වන සහ ප්‍රතිකාර ලබන තුවාල ලැබූ සහ අනෙකුත් ආබාධ සහිත විරෝධාර රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති නවතමයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකය සෙනසුරාදා (23) දින විවෘත කරන ලදී.
2019-02-21 15:02:53
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන යුධ හා නව තාක්ෂණික නිෂ්පාදන හා අනෙකුත් උපාංග නිපදවනු ලබන හෝමාගම, පිටිපන පිහිටි සංවර්ධන හා පර්යේෂණ මධ්‍යාස්ථානය (CRD) වෙත බදාදා (20) උදෑසන නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එහිදි උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
2019-02-15 16:25:32
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අධ්‍යාපනය ලැබු කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති තුමන්ගේ ඉල්ලීමකට අනුව, එම විද්‍යාලයේ ශිෂ්යනායකයින්ගේ නායකත්වය සහ ඉලක්කයන් සාර්ථක කරගත හැකි ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ කෙටි දේශනයක් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිකුරාදා (15) දින උදෑසන එම විද්‍යාලයේ දී පවත්වන ලදි.
2019-02-08 12:54:06
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව මධ්‍යයේ බ්‍රහස්පතින්දා (07) දින සන්ධ්‍යාවේ සිදුකරන ලදී. දිවිපිදු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි කල මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම ගේ සහ තලකොලවැව, පොල්පතිගම ප්‍රදේශයේ පදිංචි 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කල...
2019-02-05 19:35:06
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් රැගෙන දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre) අඟහරුවාදා (05) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2019-02-04 12:39:12
ශ්‍රී ලාංකීකයන්ට තිරසාර සංවර්ධනයක් හා සෞභාග්‍ය සපිරි, දුෂණය, නාස්තිය, ඥාති වාදය, අල්ලස ආදීයෙන් තොර රටක් නිර්මාණය කිරීමේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ‘එකට සිටිමු’ තේමාව පෙරදැරී කරගනිමින් ශ්‍රී ලංකා මාතෘභූමියේ 71 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේ දී සඳුදා (04) දින අභිමානයෙන් සහ ගෞරවයෙන් යුතුව සමරන ලදී.
2019-02-02 22:10:08
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ශ්‍රමදායකත්වයෙන් නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ සහ ඇඹිලිපිටිය බෝධිරාජා ජාත්‍යන්තර විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළලේ ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඇඹිලිපිටිය බෝධිරාජා පදනමේ කළමණාකරන අධ්යක්ෂ පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන් වහන්සේගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2019-01-28 19:16:06
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජිත, එක්සත් ජාතීන්ගේ සම්බන්ධිකාරක මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වන හනා සිංගර් මහත්මිය සඳුදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එම අවස්ථාවේ දී මීට දින කිහිපයකට පෙර මාලි රාජ්‍යයේ දී ප්‍රහාරයකට ලක්වී දිවිපිදු ශ්‍රී ලාංකීක සාම සාධක හමුදා සාමාජිකයින් දෙදෙනා වෙනුවෙන් එතුමියගේ සානුකම්පිත ශෝකය ප්‍රකාශ කර සිටියහ.
2019-01-26 10:48:23
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ 26 වන සංවත්සර සැමරුමට සමගාමීව අම්බලන්ගොඩ, කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමේ සැමරුම් උත්සවයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (25) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.