2019-05-01 17:14:08
පසුගිය පැය 12 තුළ දිවයින පුරා විසිර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මුස්ලිම් අන්තවාදීන් පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කර ඇති අතර අනෙකුත් සහෝදර කණ්ඩායම් සමග සමීප සම්බන්ධතාවයෙන් යුතුව සේරුනුවර, සමන්තුරේ, එරාවූර්, කල්මුනේ ආදී නැගෙනහිර පළාතේ ප්‍රදේශයන්හී මෙන්ම බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පවතින කොටියාකුඹුර, කෑගල්ල....
2019-04-29 19:15:59
බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව සඳුදා (29) පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.
2019-04-26 21:24:46
හදිසි නීති රෙගුලාසි තත්ත්වය යටතේ ත්‍රිවිධ හමුදාවට පැවරි ඇති බලතල වලට අනුව ක්‍රියාත්මක වූ යුද්ධ හමුදාව නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේද සහය ඇතිව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ ආවරණය වන පරිදි දිවයින පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.
2019-04-22 21:27:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (22) දින කොළඹ බිෂෝප් නිවසේදී කොළඹ අගරඳගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමුවූ අතර එහිදි අවාසනාවන්ත ලෙස සිදු වූ මෙම සිදුවීමෙන් පසු හුවමාරු වන තොරතුරු පිළිබඳ බුද්ධි අංශ අතර නිසි සම්බන්ධතාවයකින් පවත්වාගැනීමේ අවශ්‍යතාවයත්, මාධ්‍ය විමසීම් සඳහා දක්වන ප්‍රතිචාර පිළිබඳවත් මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනු ලැබිනි
2019-04-20 12:26:39
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මුලස්ථානය, 591 වන බලසේනා මූලස්ථානය සහ 593 වන බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට දිර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති පරිපාලන හා නවාතැන් ඇතුළු පහසුකම් රැසක් පසුගිය බ්‍රහස්පතින්දා (18) දින විවෘත කරන ලදී.
2019-04-17 16:42:11
පාකිස්ථානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 17 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරයක් අතරතුර අඟහරුවාදා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2019-04-14 00:00:00
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලු දෙනාහට ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !
2019-04-11 20:47:55
මන්නාරම අති පූජනීය මඩු දේවස්ථානයේ බ්‍රහස්පතින්දා (11) දින උදෑසන පැවැති විශේෂ දේවමෙහෙයක් අතරතුරදී යුද්ධ හමුදාව විසින් ඉදිකල මන්දිරයේ මඩු මාතාවගේ පිළිරුව තැන්පත් කිරීමේ අති උතුම් අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2019-04-11 11:06:10
සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය වෙත සංක්‍රමණය වීමත් සමඟම උදාවන්නා වු නව වසර සැමරීම වෙනුවෙන් පවත්වනු ලබන සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදජනක ක්‍රීඩා රැසකින් සමන්විත සිංහල හා දමිළ අළුත් අවුරුදු උත්සවය යුද්ධ හමුදා මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ සහභාගීත්වයෙන් පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී බදාදා (10) දින පැවැත්විණි.
2019-04-08 22:52:38
අසල්වාසි රටවල් සමඟ පවත්නා සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන කලාපීය කරුණු සම්බන්ධයෙන් පවත්නා අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින් 6 වන වරටත් පවත්වනු ලැබු ‘ඉන්දු - ශ්‍රී ලංකා වාර්ෂික ආරක්ෂක සංවාදය’ සඳුදා (08) දින උදෑසන ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත...