2022-10-08 15:36:58
ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 73 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ආශිර්වාද පතා සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ගෞරුතර මහා සංඝරත්නය භක්ත්‍යාදරයෙන් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය වෙත වැඩම කරවීමෙන් සිකුරාදා (07) දින බුද්ධාලම්භන ප්‍රීතියෙන් පැවැත්විණි.
2022-10-07 13:14:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී බ්‍රහස්පතින්දා (06) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
2022-10-04 12:40:00
73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද දේවමෙහෙයක් සඳුදා (03) දින සන්ධ්‍යාවේ බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි. යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූ මෙම ආශීර්වාද දේවමෙහෙය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූ අතර, එහිදී කිතුනු ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක් කෙරිණි.
2022-10-02 11:37:19
යුද්ධ හමුදා සුළු අවි සංගමය සහ ‘ස්නයිපර්වරුන්ගේ නිවහන’ ලෙස වඩාත් ප්‍රචලිත දියතලාවේ පිහිටා ඇති යුද්ධ හමුදා ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල සමගින් එක්ව පවත්වනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික සහ ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලිය - 2022’ පසුගිය සිකුරාදා (30) දින අවසන් වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සුළු අවි සංගමයේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්ටීඩබ්ලිව්ජී ඉහලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.
2022-09-28 18:40:21
ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සර දිනයට ආශිර්වාද එක් කිරිමේ සහ ධජයන්ට සෙත් පැතීමේ තෙවන ආගමික උත්සවය අද (28) දින පෙරවරුවේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාරීරික සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි.
2022-09-20 19:31:38
යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් අද (20) දින පෙරවරුවේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයට ආරාධනා කර ඔවුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මූල්‍යමය දිරි දීමනා සහ සුබපැතුම් පිරිනැමුවේය.
2022-09-16 18:16:09
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය අසල අක්කර 12 ක භූමි ප්‍රමාණයක අස්වැද්දූ කුඹුරු යායේ වී අස්වනු නෙලීමේ ‘රන් අස්වනු නෙලීමේ මංගල්‍යය’ අද (16) දින සම්ප්‍රදායානුකූල චාරිත්‍ර සහ ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් සිදුකරනු ලැබූ අතර, එම උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
2022-09-08 19:46:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාන්විතයන් සඳහා නව පරිච්ඡේදයක් එක් කරමින් යුද්ධ හමුදාව වෙතින් පවත්වනු ලැබූ ජාත්‍යන්තරව පිළිගත් මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ උසස් ප්‍රමිතීන්ගෙන් සමන්විත පාඨමාලාව හැදෑරූ කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන් 54 දෙනෙකුගෙන් සමන්විත ප්‍රථම කාන්තා කණ්ඩායම වෙත අද (08) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ...
2022-09-05 14:15:32
ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සර දිනය පසුගිය ඉරිදා (4) දිනට යෙදී තිබූ අතර එම සැමරුම් උත්සවය අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
2022-08-27 18:52:15
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනයෙහි පසුගිය සිකුරාදා (26) දින නිල සංචාරයක නිරත විය. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම මූලස්ථානයේ භටපිරිස් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.