2017-07-22 10:31:14
යුද්ධ හමුදා ඉංජිනේරුවන් විසින් කන්තලේ, ගංතලාව ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද 11 වන වැව සහ ගංතලාව දෙසට ගමන් කරන කිලෝමීටර් 5.4 ක් දිග මාර්ගය සංකේතාත්මකව භාරදීම සිකුරාදා (21) වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී සිදු කෙරිණි.
2017-07-20 17:10:48
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (20) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී නව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මැතිතුමා හමුවිය. මෙම සුහද හමුවේ දී ආරක්ෂක ලේකම්තුමා සහ යුද්ධ හමුදාධිපතිතුමා වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන ලදි.
2017-07-18 15:25:49
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ අද (18) උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2017-07-13 16:35:33
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු භට පිරිස් විසින් නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත බ්‍රහස්පතින්දා (13) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබීය.
2017-07-13 11:01:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් පසු බදාදා (12) දින උදෑසන අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය.
2017-07-11 16:36:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් පසු අඟහරුවාදා (11) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
2017-07-10 18:04:47
යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති ලෙස නව තනතුරේහි වැඩ භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (10) උදෑසන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් යුද්ධ හමුදා මුලස්ථානයේ දී අමතනු ලැබුහ. එහිදි යුද්ධ හමුදාධිපතිවරයා හැකියාවන් පදනම් කරගත් වෘත්තීමය යුද්ධ හමුදාවක් ඇති කරලීම සඳහා සියල්ලන්ගේ කැපවිම අපේක්ෂා කරන බවත් සෑම ක්ෂේත්රයකම සොල්දාදුවන්ගේ වෘත්තීමය දැනුම වර්ධනය කිරීමට ක්‍රියා කරන බවත් පවසා සිටින ලදී.
2017-07-07 15:53:07
නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රොබට් නොක්ස් රෝස් සිකුරාදා (07) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. දෙපාර්ශවය අතර පැවති සුහද සහ මිත්‍රශීලි හමුවේ දී .......
2017-07-05 19:40:37
22 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී බදාදා (05) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරව මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී ඇරඹු අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.
2017-07-04 16:00:19
යුද්ධ හමුදා මූලස්ථාන හමුදාධිපති කාර්යාලයේ අද (04) උදෑසන පැවති අභිමානවත් නිල උත්සවයේ දී 21 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කළ ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සුභ පැතුම් මධ්‍යයේ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සංකේතාත්මකව යෂ්ටිය පිරිනමමින් යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරදෙනු ලැබීය.