2017-10-02 17:12:48
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 68 වන යුද්ධ හමුදා සංවත්සරය දිනයට සමගාමීව පැවැත්වෙන දෙවැනි ප්‍රධාන ආගමික උත්සවය වන ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුඛයේ සියලු යුද්ධ හමුදා ධජයන් වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීම, සඳුදා (02) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් නිලධාරින් සහ සෙසුනිලයින් රාශියකගේ නියෝජනයෙන් පැවැත්විණි.
2017-09-28 22:32:53
ඔක්තෝබර් 10 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 68 වන යුද්ධ හමුදා දිනයට සමඟාමිව පවත්වනු ලබන ආගමික උත්සවයන් අද (28) උදෑසන පුජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදි පවත්වනු ලබන ආගමික වතාවත් වලින් ආරම්භ විය.
2017-09-25 18:46:07
ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් සෑම විටම විශිෂ්ඨ මෙහෙවරක යෙදෙමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වඩුක්කෝඩෙයි සහ කයිට්ස් ප්‍රාදේශිය රෝහල් හි බාහිර රෝගී අංශ සෞඛ්‍ය පහසුකම් සහ යාපනය මරතන්කර්නි ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකිර්ණය ඉදිකර ජනතා අයිතියට පත්කරමින් ඉරිදා (24) දින සුවිශේෂි මෙහෙවරක යෙදුණි.
2017-09-20 12:56:05
කොරියාවේ සියොල් නුවර දැන් පැවැත්වෙන ශාන්තිකර කලාපීය යුද්ධ හමුදා ප්‍රධානින්ගේ සිව්දින සම්මන්ත්‍රණය අතරතුර බදාදා (20) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් මාර්ක් ඒ. මිලෙයි (General Mark A. Milley) අතර සුහද හමුවක් පැවැත්විය.
2017-09-19 13:07:56
කොරියාවේ සීයෝල් නුවර ‘උත්සාහයේ එක්සත්භාවය ; සාම්ප්‍රදායික නොවන තර්ජන මැඩපැවැත්වීමෙහිලා ගොඩබිම් හමුදාවන්හි හා සාමාන්‍ය ප්‍රජාව අතර එකමුතුව’(‘Unity of Effort: Building Civil-Military Partnerships in Land Force Response to Non-Traditional Security Threats’) යන තේමාව යටතේ දැන් පැවැත්වෙන සිව් දින ශාන්තිකර කලාපීය යුද්ධ හමුදාපතිවරුන්ගේ සම්මන්ත්‍රණයට (PACC) යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු ඉන්දු-ආසියා-ශාන්තිකර කලාපීය ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින් රැසක් සහභාගිවේ.
2017-09-14 12:44:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුරෝගාමිත්වයෙන් සංවිධානය කරනු ලබන ‘දියකාවා VIII – 2017 යුධ අභ්‍යාසය’ 'අතිශය තීරණාත්මක ප්‍රහාරය' (Critical Engagement) යන තාක්ෂණික නමින් හඳුන්වන යුධ අභ්‍යාස අදියර ත්‍රිකුණාමලය, කුච්චිවෙලි හිදි බ්‍රහස්පතින්දා (14) දින පවත්වන්නට යෙදුණි. දිය සහ ගොඩ බිමේන් සතුරු කඳවුරු වෙත සිදු කරන බහුවිධ ප්රහාරයන් මෙම ‘Critical Engagement’ යන අදියර යටතේ ක්‍රියාත්මක වේ.
2017-09-13 18:35:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන විශීෂ්ඨ බහුජාතික ක්ෂේත්‍ර යුධ පුහුණු අභ්‍යාසය ‘දියකාවා VIII – 2017’ අවසන් අධියරට ලඟාවත්ම ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දියකාවා යුධ පුහුණු අභ්‍යාස ක්‍රියාන්විත මුලස්ථානය පිහිටි මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයට පැමිණියහ.
2017-09-13 05:47:30
විශීෂ්ඨ වික්‍රමාන්විත ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මව් රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාව අඟහරුවාදා (12) දින සන්ධ්‍යාවේදි කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැත්වු ‘වර්ණ රාත්‍රියේ දී’ ක්‍රීඩාවේ දස්කම් දැක්වු පාබල රෙජිමේන්තු සාමාජිකයින් සියගණනකට වර්ණ ප්රදානය සිදු කළහ.
2017-09-05 22:36:25
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බත්තරමුල්ල, අකුරේගොඩ නවතමයෙන් ඉදිකරමින් පවතින ආරක්ෂක මුලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ (DHQC) ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය සොයාබැලීම සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් අඟහරුවාදා (05) දින අධීක්ෂණ සංචාරයක නිරත විය.
2017-08-31 16:22:17
‘අන්තාවාදී ප්රචණ්ඩත්වය පිටු දැකීම : ගෝලීය ප්රවණතා’ යන තේමාවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පවත්වනු ලැබු ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017’ ලොව නන් දෙසීන් පැමිණි ආරක්ෂක ක්ෂේත්‍ර ප්රවිණයන් 90 දෙනෙකු සහ 800 කට වැඩි ආරක්ෂක සේවා ප්‍රකට විද්වතුන් ඇතුළු 800 කට වැඩි පිරිසක් මධ්‍යයේ නිමාවට පත්වු අතර ලොව පුරා පැතීර යන අන්තවාදයට එරෙහිව ප්‍රායෝගික, උපක්රමික සහ වඩාත් සුදුසු විසඳුම් සෙවීමේ උත්සහයන්ට කැපවීම ඔවුන් එහිදි සපථ කලහ.