2017-11-11 17:41:40
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොපි දින අනුස්මරණ උත්සවය අද (11) දින උදෑසන කොළඹ 07, විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත්විණ. පොපි අනුස්මරණ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාර්ලිමේන්තු කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමා සහභාගි වූ අතර, සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් (විශ්‍රාමික) කේ.ඒ ඥාණවීර ඇතුලු සේවා මුක්ත භට සංගම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
2017-11-10 09:09:27
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද්ධ හමුදාවේ බලඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු 350 කට වැඩි පිරිසක් අද (09) දින පස්වරුවේ දී කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී අමතනු ලැබීය.
2017-11-07 21:42:25
එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා නුඳුරේ දී මාලි බලා පිටත්ව යන භට පිරිස් හි යුධෝපකරණ තව දින 02 - 03 ක් තුල දී මුහුදින් ප්‍රවාහනය කිරීමට නියමිත අතර, අදාල භාණ්ඩ නැව් ගත කිරීම අධික්ෂණය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අඟහරුවාදා (07) දින පස්වරුවේ කොළඹ වරාය වෙත පැමිණියහ.
2017-11-06 16:24:06
22 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි යූඑස්පි එන්ඩිසී පිඑස්සී ඒඕඩබ්ලිව්සි අද (06) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2017-11-01 22:52:40
යුද්ධයෙන් තුවාල ලැබූ රණවිරුවන්ගේ සහජ කලාත්මක හැකියාවන් අගයමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද සන්ධ්‍යාවේදී (1) කොළඹ 7 ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී ඔවුන්ගේ කලා කුසලතාවයන් එළිදක්වමින් සංවිධානය කරන ලද අත්කම් හා කලා ප්‍රදර්ශණය උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.
2017-10-28 19:16:42
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (28) වන දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය වෙත නිල සංචාරයක් සිදු කරමින් එහි නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් හමු වී භට පිරිස් සුබසාධනය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.
2017-10-27 15:45:01
අතිගරු ජනාධිපතිතුමාගේ හරිත ගම්මාන සංකල්පයට අනුගත වෙමින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන ‘වන රෝපා’ වගා ව්‍යාපෘතියට සහයෝගයක් වෙමින් යුද්ධ හමුදාව විසින් අද උදෑසන (27) කන්දකාඩු, කන්තලේ යුද්ධ හමුදා ගොවිපලේ දුර්ලභ ශාක වර්ග 1500 ක් වගා කරමින් ‘රණවිරු හරිත අරණ’ වැඩසටහන ආරම්භ කරන ලදි.
2017-10-24 22:47:44
ගම්පහ සියනෑ කෝරළයේ රණවිරු සුභසාධනය වෙනුවෙන් මෙහෙවර රැසක් ඉටු කරන ‘සියනෑවේ අපි’ සත්කාරක සංවිධානය විසින් අඟහරුවාදා (24) දින ත්‍රස්ථවාදීන්ට එරෙහිව යුද්ධයේ දී ආබාධිත වු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් තිදෙනෙකුගේ සමුහ විවාහ මංගල්‍යය උත්සවයක් කුරුණෑගල බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු ‘ද සැලියුට්’ (The Salute) උත්සව ශාලාවේ දී පවත්වනු ලැබීය.
2017-10-23 22:03:23
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකුවන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙනුවෙන් සුභාෂිංශණ පැතිමේ උත්සවයක් අද දින උදැසන (23) එම විද්‍යාලයේ දී එතුමන්ගේ පාසැල් මිතුරන්, සමකාලීනයන්, විශ්‍රාමික විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සේවයේ යෙදි සිටින සහ විශ්‍රාම ගොස් ඇති ත්‍රිවිධ හමුදා ආදී ආනන්දීයන් ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2017-10-22 17:04:03
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීමානවත් පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල රෙජිමේන්තුව මීට වසර 136 කට පෙර එනම් වර්ෂ 1880 දී යටත් විජිතවාදි යුගයේ දී ලංකා පාබල හමුදාව (Ceylon Light Infantry) ලෙස ආරම්භ වූ අතර, වර්ෂ 1989 දී සියල්ල සම්පුර්ණ පාබල රෙජිමේන්තුවක් බවට පත්විය.