2017-12-06 08:31:00
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, අඟහරුවාදා (05) දිනසන්ධ්‍යාවරුවේ දී දැනට යුද්ධ හමුදාව විසින් නව සමෘද්ධි නිලධාරි තනතුරු ලාභි 1904 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව පුහුණු පාඨමාලාවක්’ පවත්වාගෙන යනු ලබන මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ(ITC) අහඹු සංචාරයක නිරත විය.
2017-12-05 19:37:15
කොළඹ පිහිටි ඉස්ලාමීය ඉරාන ජනරජ තානාපති කාර්යාලයේ තානාපති මොහොමඩ් සයිරි අමිරානි මහතා අඟහරුවාදා (05) දින පෙරවරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සුහදව හමුවිය.
2017-12-04 10:18:58
පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ (යුද්ධ හමුදා පන්සල) බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට අද (3) උඳුවප් පොහෝ දින පස්වරුවේ පැවති චාම් උත්සවයකදී නිරාවරණය කරන ලදි. යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සභාපති වන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක....
2017-11-30 16:27:23
එක්සත් ජාතින්ගේ සංවිධානයට සාමය ස්ථාපිත කිරීම සඳහා භට පිරිස් ලබාදෙන රටක් වශයෙන් වර්තමානයේ දී ලෝක ප්‍රසිද්ධියට පත් වී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තම ජාත්‍යන්තර කිර්තීය තවදුරටත් පතුරවමින් බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශයට, භට පිරිස් දෙසියකගෙන් යුතු සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩයක් (Combat Convoy Company) පිටත් කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කොට ඇත.
2017-11-30 08:09:54
ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මත් මහතා අද (29) දින සන්ධ්‍යාවේදි යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම හමුවිමේදි පකිස්තාන නව මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මත් මහතා හට සිය සුභ පැතුම් එක් කල යුද්ධ හමුදාධිපතිවරයා දෙරට අතර හමුදාමය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කීරීම සම්බන්ධව සාකච්ඡා කරන ලදී.
2017-11-26 08:31:39
කමාන්ඩෝ පුහුණු පාඨමාලා අංක 46 සාර්ථකව හදාරා නිමකළ කමාන්ඩෝ නිළධාරින් 13 ක් සහ කමාන්ඩෝ සෙබළුන් 337 ක විසිරයාමේ පෙළපාලිය සෙනසුරාදා (25) දින ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදි පැවැත්විණ.
2017-11-25 08:50:06
යුද බිමේ තුවාල ලබා රණක්ෂිතයට පත් යුද්ධ හමුදා ක්‍රිඩකයින් 450 කට වැඩි පිරිසක් දියගම ක්‍රීඩාංගණයේ දී පැවති යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල - 2017 දි ඔවුන්ගේ විශිෂ්ඨ ක්‍රිඩා දස්කම් මැනවින් ප්‍රදර්ශණය කල අතර, නව බලාපොරොත්තු රැසක් සමගින් තෙදින වාර්ෂික යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල සිකුරාදා (24) දින නිමාවට පත්විය.
2017-11-22 16:54:46
වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදය පරාජයට පත් කරමින් සාමය උදාකිරීම සඳහා සිය අත් පා පූජා කළ රණවිරුවන් 450 කට වැඩි පිරිසකගේ ක්‍රීඩා දක්ෂතා එළිදැක්විම සඳහා පවත්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2017, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් බදාදා (22) උදෑසන හෝමාගම, දියගම ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
2017-11-17 20:40:23
යුද්ධ හමුදාධිපති ධුරයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව යුද්ධ හමුදාධීපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පළමු වරට කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිකුරාදා (17) දින සංචාරයක නිරත විය.සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධීපති වෙත එම බලකා භට පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමන ලද අතර සන්නද්ධ බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් විසින් පිලිගන්නා ලදි.
2017-11-11 23:20:06
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 66 වන සංවත්සර උත්සව මාලාවට සමඟාමිව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මියගිය රණවිරුවන් හට පුෂ්පෝපහාර දැක්විම හා අභිනවයෙන් ඉදිකරන ලද නව සම්මේලන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරිම එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී අද (11) දින සන්ධ්‍යාවේදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිදුකරන ලදී.