2017-12-31 23:07:37
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
2017-12-27 20:25:39
5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද සෙසු නිල භෝජනාගාරය, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් බදාදා (27) දින උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.
2017-12-24 23:00:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියළුම නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකය පුරා විසිරී සිටින අපගේ පාඨකයන් හට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන්නෙමු !
2017-12-23 15:57:43
පැරා මළල ක්‍රීඩා උළලේ විශේෂ දක්ෂතා දැක්වු රණවිරුවන් අගය කරමින් සම්මාන පිරිනැමීමේ උත්සවයක් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් අද (23) දින උදෑසන සීදුව ප්‍රදේශයේ ස්ථානගත විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වනු ලැබීය.
2017-12-21 09:57:43
අද (20) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයක පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී, බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය (Combat Convoy Company) අමතමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලැබුණු මෙම අවස්ථාව අප හමුදාව පිළිබඳව ලෝකයේ ඇති පිලිගැනුමත් ලෝක සාමය වෙනුවෙන් සිදු කරන කැපවීමත් මානව පිළිඹිබු කෙරෙන අවස්ථාවක් බව පැවසිය.
2017-12-18 11:12:58
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී කෙඩෙට් නිළධාරී පාඨමාලාවන් සාර්ථකව නිමකල කෙඩෙට් නිළධාරීන් 191 දෙනෙකු ජනාධිපති අධිකාරී පත්වීම් ලැබ එය සංකේතවත් කරමින් උරහිසෙහි නිළ ලාංඡන පළඳා, පැමිණ සිටි සියලු දෙනාගේ සුබපැතුම් මධ්‍යයේ ඉරිදා (17) දින විචිත්‍රවත් පෙළපාලියකින් විසිර ගියහ.
2017-12-15 17:27:18
උදාවන නත්තල් උළෙල සහ 2018 නව වසර සැමරිම වෙනුවෙන් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය සහ යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛාව විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය මෙවරත් සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා (14) දින සන්ධ්‍යාවේදි නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.
2017-12-11 18:05:46
දින 05 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් බිරෙන්දර් සිං දානෝ පිවිඑස්එම් ඒවිඑස්එම් වයිඑස්එම් විඑම් ඒඩිසි (Air Chief Marshal Birender Singh Dhanoa PVSM AVSM YSM VM ADC) සඳුදා (11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2017-12-10 09:17:44
කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පිහිනුම් තරඟාවලිය සෙනසුරාදා (09) දින උදෑසන තෙවන වරටත් එම විද්‍යාලීය පිහිනුම් තටාකයේ දී ආරම්භ කරනු ලැබීය.
2017-12-08 12:53:54
සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පී.එස්.සී උපාධිය හදාරන නිලධාරින් වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සම්ප්‍රදායානුකුලව සිදු කරනු ලබන නිල දේශනය බ්‍රහස්පතින්දා (07) දින උදෑසන එම විද්‍යාලයේ දී පැවැත්විණි.