2018-01-17 18:40:54
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් දිවයිනේ සංචාරයක නිරත පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවේඩ් බජ්වා (General Qamar JavedBajwa) බදාදා (17) දින උදෑසන යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ජනාධිපති කාර්යාලයේ දී හමුවීය.
2018-01-16 18:34:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයකට අනුව මෙරටට සුහද සංචාරයක් සඳහා සපැමිණි පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) අඟහරුවාදා (16) දින උදෑසන හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ආරක්ෂක අමාත්‍යංශ ක්‍රීඩංගනයේ දී පිරිනමනු ලැබීය.
2018-01-15 18:55:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව පකිස්තානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) සුහද සංචාරයක් සඳහා සඳුදා (15) දින සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකාවට පැමිණියහ.
2018-01-14 13:08:28
විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් රණක්ෂිතයට පත් පැරා ක්‍රීඩකයින් ඇතුළුව එම රෙජිමේන්තුවට සහ යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයින් අගයමින් සිදු කෙරෙන විජයබාහු ‘වර්ණ රාත්‍රිය’ සෙනසුරාදා (13) සන්ධ්‍යාවේ දී කුරුණැගල, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ ‘The Salute’ උත්සව ශාලාවේ දී පවත්වන ලදී.
2018-01-13 23:28:23
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝකවාසී පාඨකයින්ට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
2018-01-11 12:06:03
එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ආරක්ෂක භට පිරිස් දායක කරන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව, ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් අප්‍රිකානු මහද්වීපයේ මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයක් (Combat Convoy Company) මේ වන විටත් පිටත් කර ඇති අතර, 32 කින් යුත් එහි අවසන් භට කණ්ඩය බදාදා (10) දින සන්ධ්‍යාවරුවේ දී ආශිර්වාද සුභපැතුම් මධ්‍යයේ දිවයිනෙන් පිටත්ව යන ලදී.
2018-01-08 23:42:47
‘න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව තුලින් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය’ යන තේමාව යටතේ ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ නව ආයුර්වේද වෛද්‍යවරුන් 640 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව සංවර්ධනය පිළිබඳ’ සයදින නේවාසික පුහුණු වැඩසටහනක් යුද්ධ හමුදා පුහුණු පාසල් පහක, සඳුදා (08) දින උදෑසන සිටආරම්භ විය.
2018-01-06 22:24:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයෙන්, පකිස්තානු යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලයීය සේනාවිධායක බ්‍රිගේඩියර් කාෂිෆ් සzෆාර්, එම හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකුද සමඟින් දින හයක සංචාරයක් සඳහා සෙනසුරාදා (06) දින සන්ධ්‍යාවේ දිවයිනට පැමිණියහ. මෙරටට පැමිණි පකිස්තානු යුද්ධ හමුදා නියෝජිත පිරිස, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් කර්නල් රංජන් ජයසේකර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2018-01-05 15:03:15
යුද්ධ හමුදාවෙන් 1/3 ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්යහිලා ක්‍රියාකල යුතුය යන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්මට අනුව යමින් දේශයේ වඩාත්ම ඉල්ලුමක් ඇති කීර්තිමත් සේවාදායකයා වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලකාය, ශ්‍රී ලාංකීය නන්විධ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතීන් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මධ්‍යම ප්‍රමාණයේ වැව් 500 ක් ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මේ වනවිට ඉටුකරමින් සිටි.
2018-01-02 13:06:09
අද (02) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී 2018 නව අවුරුදු උදාව,රාජ්‍ය සේවා ප්‍රතිඥාව සපථ කරමින් සහ යුද්ධ හමුදාධිපතිතුමාගේ නව අවුරුදු පණිවුඩය ප්‍රකාශයට පත්කරමින් උත්සවශ්‍රීයෙන් චාරිත්‍රානුකූලව සමරන ලදි. යුද්ධ හමුදාධිපතිතුමන් දැනට විදේශ සංචාරයක නිරතව සිටින හෙයින් එතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා……