2018-02-01 21:54:54
මින්නේරිය, හිඟුරක්ගොඩ ප්‍රදේශවාසින් විසින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස ප්‍රදේශයේ වාරිකාර්මාන්තයට ඉවහල් වන‘චන්දන පොකුණ’ වැව පිරිසිදු කිරිම හා අළුත්වැඩියා කටයුතු ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියට සමඟාමිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සමාජිකයන් සමග 200 කට වැඩි යුද්ධ හමුදා සමාජිකයන් විසින් පසුගිය බදාදා (31) දින ආරම්භ කරන ලදී.
2018-02-01 14:46:57
යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Ride with Pride’ පාපැදි සවාරිය යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට යුද්ධ හමුදා සහ සිවිල් පාපැදි ධාවන ක්‍රිඩකයින් සිය ගණනකගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියසින් අද (31) උදෑසන ආරම්භ කල අතර, එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘Ride with Pride’ පාපැදි සවාරියේ ධජය ඔසවා පාපැදි සවාරිය නිළ වශයෙන් ආරම්භ කරන ලදි.
2018-01-30 05:58:27
දඹුල්ල, නාඋල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සඳදා (29) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සිදුකරන ලද සංචාරයේදී එහි අභිනවයෙන් ඉදිකරන ලද කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාව කෙටි උත්සවයකින් විවෘත කල අතර ....
2018-01-28 23:22:57
වාර්ෂික ‘අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවය - 2017’ ක්‍රීඩා ලෝලීන් විශාල ප්‍රමාණය සහභාගිත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී ඉරිදා (28) සන්ධ්‍යාවේදී පැවැත්වුණි.
2018-01-26 23:52:42
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය පිණිස යුද්ධ හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍යය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්යක්ෂ සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය කර්නල් (වෛද්‍ය) ආර්.එම්.එම්. මොණරාගල විසින් රචිත ‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’ ග්‍රන්ථයේ මූල් පිටපත යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පසුගියදා (24) දින පිලිගන්වනු ලැබීය.
2018-01-23 14:38:44
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් දිවයිනට පැමිණ සිටින සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් මහතා (Mr Lee Hsien Loong) නිල රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගැනිම අඟහරුවාදා (23) දින ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවති අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් සිංගප්පුරු අග්‍රාමාත්‍ය තුමන් වෙත වර්ණවත් වු යුද්ධ හමුදා සම්මාන පෙළපාලියක් සහ හමුදා උත්තමාචාරයක් පිරිනමන ලදී.
2018-01-20 19:18:25
විවිධ වෘත්තීන් හී සාර්ථකව පුහුණු පාඨමාලා හදාරා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහතිකපත් සඳහා සුදුසුකම් ලැබු යුද්ධ හමුදාවේ රණක්ෂිතයට පත් රණවිරුවන් 171 දෙනෙකු වෙත ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් ප්රදානය කිරීම උත්සවය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (19) දින සන්ධ්‍යාවේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2018-01-19 20:07:49
කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ පැවැත් වූ ජාතික ජූඩෝ තරඟාවලිය - 2017 හිදී ක්‍රීඩා අමාත්‍යංශය වෙතින් පිරිනමනු ලැබූ රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගනිමින් යුද්ධ හමුදා ජුඩෝ ක්‍රීඩකයින් සමස්ථ ශූරතාවය දිනාගත් අතර, ඒ වෙනුවෙන් අද (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඔවුන්ගේ දක්ෂතාවයන් අගයමින් කෙටි උපහාර උත්සවයක් පවත්වනු ලැබීය.
2018-01-18 16:16:30
ශ්‍රී ලංකාව හා පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්රි (General Rajendra Chhetri) දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර, සංචාරයේ පළමු අදියර ලෙස බ්‍රහස්පතින්දා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2018-01-18 02:02:05
ශ්‍රී ලංකාව හා පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්රි (General Rajendra Chhetri) ඇතුළු හමුදා සහ සිවිල් නියෝජිතයින් දහදෙනෙකුගෙන් සමන්විත දුත පිරිස බ්‍රහස්පතින්දා (18) දින ශ්‍රී ලංකාවට පැමිණි අතර,කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඔවුන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.