2018-02-25 21:39:24
මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ (SFTS) මාස 06 ක් පුරා පවත්වන ලද දිගු දුර මෙහෙයුම් (LRP) පාඨමාලා අංක 19 සාර්ථකව නිම කරන ලද විශේෂ බලකායට අයත් නිලධාරින් 02 ක් සහ සෙසු නිලයන් 34 ක් වෙත එම පාඨමාලාවට හිමි ලාංඡන පැළඳවීමේ වර්ණවත් උත්සවය යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බලකායේ අධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් වව්නියාව 3 වන විශේෂ බලකා මූලස්ථානයේදී සෙනසුරාදා....
2018-02-24 12:28:14
විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය (ARFRO) සහ ශ්‍රී ලංකා වෘත්තීය සමිතිය (OPA) එක්ව සංවිධානය කළ ‘සාමූහික එකමුතුකම : ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා-සිවිල් හවුල්කාරිත්වය ගොඩනැගීම’ පිළිබඳ සම්මන්ත්‍රණය සිකුරාදා (23) දින පස්වරුවේ පැවැත් වූ අතර, මේ සඳහා සේවයේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා නිලධාරීන් මෙන්ම ප්‍රසිද්ධ වෘත්තීකයින් ද සහභාගි විය.
2018-02-22 23:01:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා ‘අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය -2018’ නව තරඟ වාර්තා පිහිටුවමින් අභිමානවත් අයුරින් නව බලාපොරොත්තු දල්වමින් අද (22) සන්ධ්‍යාවේ දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවිය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවිධානය කල මෙම වර්ණවත් ක්‍රීඩා උළලේ, සමාප්ති උත්සවයේ.....
2018-02-21 12:28:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උළෙල අඟහරුවාදා (20) උදෑසන හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද අතර ස්වේච්ඡා බලසේනාවේ සියලුම බලඇණිවල සහයෝගය ඇතිව මෙම දැවැන්ත ක්‍රීඩා උළෙල සාර්ථකව සංවිධානය කරනු ලැබීය.
2018-02-18 21:06:21
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2018, ඉරිදා (18) දින කොළඹ, ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී කොළඹ 02, ආරක්ෂක සේවා විද්‍යාලය අසලින් අවසන් වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.
2018-02-18 15:18:07
නායකත්ව හා කණ්ඩයාම් හැඟිම් වර්ධනය කිරීමේ අරමුණින්රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 178 දෙනෙකු වෙනුවෙන් ‘ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ කාර්යභාර්ය සහ වගකීම්’ පිළිබඳ දැනුවත් කිරීමේ (පෙබරවාරි මස 15 සිට 17 දක්වා) තෙදින වැඩමුළුවක් සාර්ථකව පැවැත් වූ අතර, එහි සහතිකපත් ප්රදානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (17) දින කුකුලේඟග ‘ලයා ලේෂර්’ පරිශයේ දී පැවැත්විණි.
2018-02-16 19:09:09
ආරක්ෂක හමුදාවන් සහ සිවිල් ජනතාව අතර හොඳ හිත, අවබෝධය සහ සංහිදියාව ඇතිකරලීමේ ක්‍රියාවලියට නව පරිච්ඡේදයක් එක්කරමින් යාපනය අර්ධද්වීපයේ වෙසෙන පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද ඇතුළුව තරුණ තරුණියන් 50 ක් හමුදාගත පදනම යටතේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ හමුදාමය නොවන රාජකාරින් සඳහා බ්‍රහස්පතින්දා (15) දින සිට සිය රාජකාරි ඇරඹිය.
2018-02-12 19:36:07
යුද්ධ හමුදාවේ ඉහළම නිලධාරින් තිදෙනා වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සමඟ එක්ව එකම වේදිකාවකදී ගෙවීගිය වසර කිහිපය තුල ඇතිවු ස්වාභාවික ව්‍යවසන සහ ආපදා අවස්ථාවලදී අපරිමිත සහයෝගයක් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු අගයමින් සඳුදා (12) දින සන්ධ්‍යාවේ විශේෂ උත්සවයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණ.
2018-02-07 05:50:23
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය මගින් උතුරු පළාතේ සංහිඳියාව, වාර්ගික සුහදතාවය හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ තවත් එක් ඵෛතිහාසික පියවරක් ලෙස වසර 28 කට පසු යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරෙයි - පේදුරු තුඩුව ඒබී - 21 මාර්ගය අද (6) දින උදෑසන මහජනතාවගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විවෘත කරන ලදී.
2018-02-04 13:41:46
ශ්‍රී ලංකා මාතාව සාමය හා සෞභාග්‍යය සපිරි ‘එකම ජාතියක්’ තේමා කරගනිමින් සිය 70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේ දී ඉරිදා (04) දින අභිමානයෙන් සහ ගෞරවයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නායකත්වයෙන් යුතු නිලධාරින් 160 ක් සහ සෙසුනිලයින් 3638 දෙනෙකුගෙන් සමන්විත වර්ණවත්...