2018-04-05 11:42:14
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උදාවන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (05) දින රණක්ෂිතයට පත් රණවිරුවන් 120 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන හා පුනරුත්ථාපනය වන රාගම ‘රණවිරු සෙවණ’ හි සංචාරයක නිරත වුහ. ‘රණවිරු සෙවණ’ වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා, රෝද පුටුවක ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවකු.....
2018-04-04 19:41:28
කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ එස්එස්සි ක්‍රීඩා පිටියේදී අද (4) උදෑසන ආරම්භ විය.
2018-04-04 11:20:15
10 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල - 2018 ආරක්ෂක සේවා ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව සපැමිණි ආරක්ෂක සේවා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණවර්ධන විසින් අඟහරුවාදා (03) දින සන්ධ්‍යාවේ පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.
2018-04-03 16:19:21
එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ අණදෙන ජ්‍යෙෂ්ඨ නායක (Command Senior Enlisted Leader) සැරයන් මේජර් ඇන්තනි ස්පැඩරෝ (Sergeant Major Anthony Spadaro) සමඟින් කොමිෂන් නොලත් නිලධාරී සැරයන් පළමු පන්තියේ මෙහෙයුම් කෙවින් සැන්ටිටීස් (Sergeant First Class Kevin Sanetiez), එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ මාස්ටර් සැරයන් රාචෙල් ලකී....
2018-03-30 23:41:39
යාපනය ප්‍රදේශයේ ස්ථාපිත සුබසාධක මධ්‍යස්ථානයන්හි වාසය කළ අවතැන් වූ පවුල් සඳහා ‘නල්ලිනක්කපුරම්’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරමින් සිකුරාදා (30) දින නලිනක්කපුරම් ගම්මානයේ පැවති සරල උත්සවයක දී තවත් නව නිවාස 25 ක් ලබාදෙන ලදි.
2018-03-29 21:06:47
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතර හමුවක් බ්‍රහස්පතින්දා (29) දින යාපනය, නල්ලූර් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පාසල් ශිෂ්‍යභට වැඩසටහන් සඳහා සහාය ඉල්ලා සිටින්නේනම් ඒ සඳහා නායකත්වය සැපයීමට යුද්ධ හමුදාවට හැකි බව යුද්ධ හමුදාධිපති මෙම හමුවේ දී ප්‍රධාන අමාත්‍යවරයා වෙත පෙන්වා දුන්නේ ය.
2018-03-28 22:39:11
බහුමාන්‍ය දර්ශනයක් වන දියුණු තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) සහ සයිබර් අවකාශය පිළිබඳ වෘත්තීමයභාවය ලෝකයට පෙන්නුම් කරමින් යුද්ධ හමුදා සංඥා බලකාය නොවැම්බර් මස 28 සහ 29 යන දිනයන්හිදි ‘සයිබර් අවකාශයත සදාතන යුධ පෙරමුණ’ යන තේමාව යටතේ කාලෝචිත ජාත්‍යන්තර සමුළුවක් සහ දැවැන්ත ‘තරංගයක්’ ලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රදර්ශනයක් සමඟින් අති උත්කර්ෂවත් අයුරින් 75 වන සංවත්සරය සැමරීමට නියමිතය.
2018-03-27 21:13:11
බංගලාදේශ මහජන ජනරජයේ බංගලාදේශ යුද්ධ හමුදාව තුල කාන්තා බලකායක් ස්ථාපනය කිරිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපදෙස් හා සහයෝගය ලබාගැනිම සඳහා බංගලාදේශ හමුදා නිලධාරින් 05 කුගෙන් සමන්විත දුත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.
2018-03-27 14:14:07
සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් හා එළැඹෙන වෙසක් පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රාහකත්වය ඇතිව ජාතික වෙසක් දින සැමරුම - 2018 මෙවර බිංගිරිය ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් පැවැත්විමට නියමිත අතර එම වැඩපිලිවෙලට සමගාමිව දේවගිරි රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ ධර්ම ශාලාවක් හා පරිපාලන ගොඩනැගිල්ලක් ඉංජිනේරු, යාන්ත්‍රික, විද්‍යුත් සහ ඉදිකිරිම් ක්ෂේත්රයේ මනා දැනුමක් හා අත්දැකිම්වලින් ද පරිපුර්ණ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයන් විසින් නවීන තාක්ෂණය යොදාගනිමින් හා අඩු පිරිවැයක් වැය දරමින් ඉදිකිරිමට නියමිතව ඇත.
2018-03-26 23:30:14
රජයේ ‘වනරෝපා’ ජාතික වැඩසටහනට සමගාමිව යුද්ධ හමුදාව විසින් මේ වන විට ක්‍රියාත්මක ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතිය යටතේ 22 වන සේනාංක මූලස්ථානය විසින් ‘රණවිරු සවියෙන් හරිත රටක්’ තේමාව යටතේ ඉරිදා (25) දින පාරිසරික හා ආර්ථික වටිනාකමකින් යුත් කජු, කොස්, කුඹුක්, කොහොඹ, සියඹලා, මහෝගනි සහ මාදම් වැනි පැළ 6000 කට වැඩි ප්‍රමාණයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙනු ලැබිය.