2018-04-18 11:01:50
මැලේසියාවේ, කුවාලා ලාම්පුර් හී පැවැති 16 වන ආසියානු ආරක්ෂක සේවා සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සඳහා සහභාගි වූ ගෞරවනීය ආරාධිතයින් අතරින් එක් අයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ද සහභාගි විය.
2018-04-17 10:29:02
උදාවු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය මව් ඒකකය වෙත කෘත ගුණ දැක්විමක් ලෙස නව අවුරුදු දින (අප්‍රේල් මස 14) සිය මව් රෙජිමේන්තුව වන මත්තේගොඩ පිහිටි 5 වන ක්ෂේත්‍ර ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය. එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් අවුරුදු චාරිත්‍ර සඳහා එක්වු අතර එතුමන්ගේ යුද්ධ හමුදා දිවියේ දෙවන ලුතිතන් ධුරයේ අධිකාරි ලැබිමෙන් පසු ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත එක්වන ලදී.
2018-04-13 22:00:00
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලු දෙනාහට ලැබුවාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !
2018-04-13 15:38:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව ආරක්ෂක අවශ්‍යතා සඳහා සන්නද්ධ හමුදාවන් විසින් මෙතෙක් භාවිතා කරන ලද තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ඉඩම් අක්කර 683 ක් සිකුරාදා (13) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී නිත්‍යානුකූල අයිතිකරුවන් 964 දෙනෙකු වෙත පවරාදෙන ලදී.
2018-04-12 13:19:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ත්‍රස්තවාදය මුළුනුපුටා දැමීමෙන් ලද යුධ අත්දැකීම තුලින් ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා එක්සත් ජාතින් සමඟ එක්ව සාමසාධක රාජකාරින් සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුවීශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ 03 හිදී යුද්ධ හමුදා විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය (DOO) ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.
2018-04-11 23:27:19
නැගෙනහිර පළාතේ හේනානිඟල ප්‍රදේශයේ දී ‘වන අරණ පදනම’ සහ පාරම්පරික ආදීවාසි සාමාජිකයින් සමඟ එක්ව යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් බදාදා (11) දින සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබීය. ආදීවාසින්ගේ ප්‍රධානී ඌරුවරිගේ වන්නිල ඇත්තො ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම බක්මහ උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2018-04-11 09:45:26
සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය වෙත සංක්‍රමණය වීමත් සමඟම උදාවන්නා වු නව වසර සැමරීම වෙනුවෙන් පවත්වනු ලබන සිංහල හා දෙමළ අළුත් අවුරුදු උළෙල යුද්ධ හමුදා මුලස්ථානයේ සේවයේ නියතු සියයකට අධික සියළු නිලයින්ගේ සහභාගීත්වයෙන් පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ක්‍රීඩා පිටියේදී අඟහරුවාදා (10) දින පවත්වන ලද අතර එය සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදජනක ක්‍රීඩා රැසකින් සමන්විත විය.
2018-04-09 15:34:55
මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පාඨමාලා අංක - 48 යටතේ පුරා මාස 09 ක කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිළයින් 189 දෙනෙකු සඳුදා (09) දින උදෑසන සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී විසිර යන ලදි.
2018-04-08 22:50:50
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදාවේ කීර්තිමත්ම පුහුණු පාසලක් වන මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ ඉරිදා (08) දින සිදු කල පළමු නිල සංචාරයේ දී අභිනවයෙන් ඉදිකරන ලද භට නිවාස සහ නව පහසුකම් රැසක් විවෘත කරනු ලැබීය.
2018-04-06 16:51:55
වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිව සිටියදී ආරම්භ කල යාපනය අර්ධද්වීපයේ අවතැන් වූවන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනය, තේලිප්පලෙයි ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද තවත් නිවාස 30 ක් බ්‍රහස්පතින්දා (05) දින පැවැති උත්සවයක දී නිවාසලාභීන් වෙත භාරදෙනු ලැබීය.