2018-05-04 20:11:55
මීට වසර 50 කට පෙර දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 1 සාර්ථකව හදාරා විසිරගිය ජ්‍යෙෂ්ඨ නිලධාරින් ලද අත්දැකීම් මෙන්ම අතීත මතකයන් ආවර්ජනය කිරීමේ විශේෂ සුහද හමුවක් බදාදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමගින් පැවැත්විණි.
2018-05-03 20:11:55
ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කරන ලද මහජන චීන සමුහාණ්ඩුවේ නව තානාපති ලෙස රාජකාරි භාරගත් අතිගරු චැන්ග් සූයුහාන් මහතා (Mr Cheng Xueyuan) බ්‍රහස්පතින්දා (03) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ සිදු කල පළමු නිල සංචාරයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2018-05-03 16:34:11
රණවිරු සැමරුම් මාසය - 2018 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අලෙවි කිරිමේ උත්සවය බදාදා (2) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
2018-05-02 14:45:15
21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ දී ජයග්‍රහණය ලැබු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක කෝප්රල් ඉෂාන් බණ්ඩාර බදාදා (02) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එහිදි ඔහුගේ අනාගත අභිප්රායන් මූදුන්පත් කරගැනීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවට යුද්ධ හමුදාධිපතිතුමන් සහතික විය.
2018-05-01 23:42:10
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ අධීක්ෂණය යටතේ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය, උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව, කෘෂිකර්ම අධ්යක්ෂ මණ්ඩලය, යුද්ධ හමුදා රංග කලා අධ්යක්ෂ මණ්ඩලය, ඉංජිනේරු සේවා බලකාය සහ අනෙකුත් සහායක අංශයන්හි භට පිරිස් එක්ව ‘පරිසර හිතකාමී තිරසාර සංවර්ධනය සඳහා ලෝක බෞද්ධයන්ගේ සාමූහිකත්වය’ යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් අඟහරුවාදා (01) දින සන්ධ්‍යාවේ බොරැල්ල, රාජගිරිය ශ්‍රී සදහම් සෙවණ පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
2018-04-30 19:05:11
මෙවර බිංගිරිය ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් පැවැති ජාතික වෙසක් දින සැමරුම - 2018, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය දේවගිරි රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ දී සෙනසුරාදා (28) දින පැවති උත්සවයකදි විවෘත කරන ලදී.
2018-04-28 22:38:45
බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියලුම නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් සියලුම ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත සාමයෙන් පිරි සුභ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරයි !
2018-04-24 00:07:30
පකිස්ථාන යුද්ධ හමුදා ප්රධානිගේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක දෙරට අතර මිත්‍රත්වයේ නොමැකෙන පියවරක් තබමින් සඳුදා (23) දින දිවා කාලයේ දී ඉස්ලමාබාද් නුවර, අධි ආරක්ෂිත කලාපයේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කර්යාලයේදී පකිස්ථාන අග්‍රාමාත්‍ය ගරු ෂාහීද් ඛාන් අබ්බාසි මැතිතුමන් (Hon. Prime Minister of Pakistan, Shahid Khaqan Abbasi) හමු වු අතර එම සුහද හමුවේදි දෙරට අතර ආරක්ෂක සහයෝගිතාවය පිළිබඳ කරුණු සාකච්ඡා කරන ලදී.
2018-04-20 21:44:57
මැලේසියාවේ පැවැත්වෙන 16 වන ආසියානු ආරක්ෂක සේවා ප්‍රදර්ශණය සහ සමුළුව - 2018 සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක,ක්වාලා ලාම්පුර් නුවර පිහිටි මැලේසියානු ජාත්‍යන්තර වෙළඳ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ (Malaysia's International Trade and Exhibition Centre)පැවති සමුළුවේ.....
2018-04-20 16:46:39
සිංහල සහ දමිළ අලුත් අවුරුදු උදාව සංකේතවත් කරමින් සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයක් සහ සුහඳ හමුවක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (20) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදි.