2018-08-14 11:02:27
‘රණවිරු රියල් ස්ටර් අධියර V’ ගායන තරුව ලෙස තේරීපත් වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩි සම්පත් ශ්‍රී පලන්සුරිය වෙත හොරණ, මඳුරාවල ප්‍රදේශයේ ප්රබුද්ධගම ඉදිකරන ලද නව නිවස විවෘත කිරීමේ සහ අවසන් තරඟ සඳහා සුදුසුකම් ලැබු අනෙකුත් ගායන තරු 34 දෙනා වෙත නිවාස ඔප්පු ලබාදීමේ උත්සවය සඳුදා (13) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2018-08-10 18:30:11
ආසියානු කලාපයේ සියලුම හමුදා නිලධාරීන් සිවිල්-හමුදා ක්‍රියාකාරකම් සඳහා විශේෂිත වූ, මානුෂීය ආධාරක වෘත්තිකයින් සහ ආපදා තත්වයන්වලදි සහන සලසන පාර්ශවයන් සහභාගිවන 6 වන දකුණු ආසීයානු කලාපීය සිවිල් සම්බන්ධීකරණ සමුළුව - 2018 (South Asia’s Regional Civil Affairs Seminar) හී සමාප්ති උත්සවය සිකුරාදා (10) දින කොළඹ 03 පිහිටි මොවින්පික් හෝටලයේ දී පැවැත්විණි.
2018-08-09 14:41:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමඟ එක්ව තවත් දැවැන්ත ජාතිය ගොඩනැංවිමේ ව්‍යාපෘතියක් ලෙස දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයන්හි ඔසුපැළ 135,000 ක් සිටුවිමේ වැඩසටහනක් ආරසම්භ කර ඇති අතර, එහි සමාරම්භක උත්සවය බ්‍රහස්පතින්දා (09) දින උදෑසන විහාරමහාදේවි උද්‍යානයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.
2018-08-07 18:27:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධානය කරනු ලබන දේශීය සහ විදේශීය බුද්ධිමතුන් සහ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් කැපීපෙනෙන ගැටළු පුළුල්ව හඳුනාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කරමින් අගෝස්තු මස 30 සිට 31 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වීමට නියමිත ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2018’ හි මාධ්‍ය හමුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (07) දින ගලදාරී හෝටලයේ දී පවත්වනු ලැබීය.
2018-08-06 18:23:42
ආසියානු කලාපයේ සියලුම හමුදා නිලධාරීන් සිවිල්-හමුදා ක්‍රියාකාරකම් සඳහා විශේෂිත වූ, මානුෂීය ආධාරක වෘත්තිකයින් සහ ආපදා තත්වයන්වලදි සහන සලසන පාර්ශවයන් එක් ස්ථානයකට රැස්වන 6 වන දකුණු ආසීයානු කලාපීය සිවිල් සම්බන්ධීකරණ සමුළුව - 2018 (South Asia’s Regional Civil Affairs Seminar) කොළඹ සැසිවාරය ‘ආපදා කළමණාකරණය සහ සැලසුම්කරණය’ යන තේමාව ඔස්සේ සඳුදා (06) දින කොළඹ 03 පිහිටි මොවින්පික් හෝටලයේ දී ආරම්භ විය.
2018-08-03 23:29:50
විශ්‍රාමික හා දැනට සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල ලගම ඥාතීන්, දරු දැරියන්, අවිවාහක යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහෝදර සහෝදරියන් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් වෙනුවෙන් ත්‍රිකුණාමලය, යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාල පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද යුද්ධ හමුදා රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සුරතින් අද (3) උදෑසන විවෘත කරන ලදී.
2018-08-02 16:55:24
විශ්‍රාමික හා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට, ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට සහ සිවිල් කාර්යමණ්ඩලයට මෙන්ම නාවික, ගුවන් හමුදා සහ පොලිසියේ සාමාජිකයින්ට ද වෛද්‍ය පහසුකම් සපයනු ලබන දිවයිනේ ඉතා උසස් රෝහලක් ලෙස පිළිගනු ලබන කොළඹ යුද්ධ හමුදා රෝහලට බ්‍රහස්පතින්දා (2) දින ප්‍රමිතිකරණ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Standardization) වෙතින් පිළිගත් අයිඅස්ඕ (ISO) සහතිකයක් පිරීනමනු ලැබීය.
2018-07-31 16:03:16
බාබඩෝස් ආරක්ෂක බලකාය සිය හොඳහිත සහ සුහඳත්වය සංකේතවත් කරමින්, විස්සයි විස්ස තරඟ 03 කට සහ පන්දුවාර 50 ක තරඟ දෙකක් සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම වෙත ආරාධනා කරන ලදි.
2018-07-18 17:05:08
අත්තිඩිය, මිහිඳු සෙත් මැඳුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් 41 දෙනෙකු වෙනුවෙන් එම පරිශ්‍රයේ දී නව භාවනා ශාලාවක් ඉදිකරනු ලැබීය. නවතමයෙන් ඉදිකරන ලද භාවනා ශාලාව විවෘත කිරීම සඳහා අඟහරුවාදා (17) දින උදෑසන පුනරුත්ථාපන අධ්යක්ෂ මේජර් ජෙනරාල් එස්.කේ තිරුනාවුකරුසු සහ මිහිඳු සෙත් මැඳුරේ සේනාවිධායක කර්නල් එන්.පී.ඒ. ගුණවර්ධන ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2018-07-16 13:45:42
මුලතිව්, නයාරු ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේහි පාඨමාලා අංක - 5 සාර්ථකව හැදෑරු නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (15) දින මුලතිව්, නයාරු මුහුදු වෙරළට ආසන්නව පැවති වර්ණවත් උත්සවයක දී විසිරයන ලදි.