2018-10-19 20:59:45
ශ්‍රී ලංකා සංඥා බලකායට වසර 75 ක් සපිරිම නිමිත්තෙන් සිකුරාදා (19) වන දින පනාගොඩ එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදි සැමරුම් උත්සවයක් පැවැත්විනි. උත්සවයට සමගාමීව නව ගොඩනැගිලි සංකීර්ණයක් හා තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් විවෘත කරනු ලැබු අතර, සංවත්සර සමරු මුද්දරයක් ද නිකුත් කරනු ලැබිය.
2018-10-18 15:52:20
ජාතිය සුරැකීමේ අභීමානවත් මෙහෙවරෙහි නිරතව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව බ්‍රහස්පතින්දා (18) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද භූමියේ දී පැවැති හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිරිනමනු ලැබීය.
2018-10-16 21:35:19
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිත්‍ය නිලධාරි පාඨමාලා අංක - 16 යටතේ පුහුණුව සාර්ථකව හැදෑරු කෙඩෙට් නිලධාරි සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය මතකයන් ආවර්ජනය කරමින් අඟහරුවාදා (16) දින පැවැති සුහද හමුව සඳහා එක්විය.
2018-10-15 19:02:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ 69 වන සංවත්සරයට සමගාමීව ඉරිදා (14) දින දොඹගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති සංවත්සර වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බී.එස්. විදනගේ ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2018-10-12 20:00:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (12) දින පනාගොඩ එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී සැමරුම් උත්සවයක් පැවැත්විණි. එහිදි පැවැති වැඩසටහනේ ප්‍රධාන අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ශත වර්ෂ පූර්ණයට විශේෂ වැදගත්කමක් එක් කරමින් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය විසින් සමරු මුද්දරයක් නිකුත් කරන ලදී.
2018-10-11 12:56:10
යුද්ධ හමුදා ආබාධිත රණවිරුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන රාගම, රණවිරු සෙවණේ දී කෘතීම අත් පා නිෂ්පාදනාගාරයක් සහ 15,000 කට අදික ආබාධිත රණවිරුවන්ට ශාරීරිකව ඉමහත් ශක්තියක් ලබාදෙමින් ශරීර සුවතා මධ්‍යස්ථානයක් ඔක්තෝම්බර් මස 10 දිනට යෙදි තිබෙන යුද්ධ හමුදා දිනය සැමරීම සඳහා සංවිධානය කරනු ලැබූ උත්සවයක දී විවෘත කරනු ලැබීය.
2018-10-09 22:30:33
දේශයේ ආරක්ෂකයා ලෙසින් අද්විතීය ජයග්රහණයන් රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉතාදුෂ්කරතා මධ්‍යයේ කැපකිරීමෙන් යුක්තව අත්පත් කරගත් සාමය සහ ජාතික ආරක්ෂාව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඕනෑම කාර්යයක් ඉටු කිරීමට මෙන්ම මාතෘ භූමියේ ඇතිවියහැකි ඕනෑම කැරලිකාරී තත්ත්වයක් මඟහරවා ගනීමින් ජාතියේ ආරක්ෂාව තිරසාරව පවත්වාගෙන යාම සඳහා ඉතා සුදානමින් යුක්තව ක්‍රියා කරන බවත් 69 වන....
2018-10-08 12:42:07
යුද්ධ හමුදා 69 වන සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් අදියර ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සංවිධායකත්වයෙන් ඉරිදා (7) සවස පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී (යුද්ධ හමුදා විහාරස්ථානය) සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වන ලදි.
2018-10-05 20:25:25
69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (05) පස්වරුවේ යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම යුද්ධ හමුදා නිලධාරීන් සහ යුධ හමුදා සාමාජිකයින් රැසකගේ සහභාගිත්වයෙන් හමුදා ධජයන් සිය ගණනක් පෙරටු කරගනිමින් පවත්වන ලදී.
2018-10-04 21:07:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 69 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව සම්ප්‍රදායික හින්දු ආගමික ‘අභිෂේකම්’ විශේෂ ආශිර්වාද පූජාව කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරම් කෝවිලේ දී බ්‍රහස්පතින්දා (04) දින පැවැත්විණි.