2018-12-15 20:52:22
‘රට රකින ජාතිය’ වෙත තවත් අභිමානයක් එක් කරමින් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී කෙඩෙට් නිලධාරී පාඨමාලාවන් සාර්ථකව නිමකල කෙඩෙට් නිලධාරීන් 234 දෙනෙකු ජනාධිපති අධිකාරී පත්වීම් ලැබ විසිරයාමේ වර්ණවත් පෙළපාලිය සෙනසුරාදා (15) දින සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2018-12-12 23:46:16
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘පීඑස්සී’ මාණ්ඩලික පාඨමාලා අංක 12 සාර්ථකව හදාරා විසිරයන නිලධාරීන්ට උපාධි සහතික ප්රදානය කිරීමේ උත්සවය බදාදා (12) දින සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
2018-12-12 15:41:47
යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගය අඟහරුවාදා (11) දින සන්ධ්‍යාවේ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණිය සහභාගි වූ අතර, මෙහිදි ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන් ද්විත්වයෙන්ම නත්තල් කැරොල් ගිතීකා ගායනා කළහ.
2018-12-10 20:34:51
යුද්ධ හමුදාව තුල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දොඹගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ ක්‍රීකට් ක්‍රීඩාංගණය සඳුදා (10) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබු අතර යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරඟය නව තණතිල්ලේ පළමුවරට පවත්වනු ලැබීය.
2018-12-08 16:12:20
යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් කැළණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නවතමයෙන් ඉදිකරනු ලැබූ ප්‍රධාන ශාලාව විවෘත කිරීමේ උත්සවය සිකුරාදා (07) දින පැවැති අතර එම උතුම් අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන උපදේශක පූජ්‍ය මහාචාර්ය ඌ දව් (Prof U. Daw) නාහිමිපාණන් වහන්සේගේ සහ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ ගෞරවණීය ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2018-12-06 18:21:03
රාජ්‍ය අනුග්‍රහය යටතේ යුද්ධ හමුදා ක්‍රීඩා ක්ෂේත්රයට නව පරිච්චේදයක් එක් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ප්‍රථම වරට පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපනය කරන ලද හෙළ අංගම්පොර සටන් පර්යේෂණ ආයතනය හා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම මෙන්ම පුහුණුව ලැබු යුද්ධ හමුදා අංගම්පොර සටන්කරුවන්ගේ කලඑලි මංගල්‍යය අඟහරුවාදා (04) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2018-12-04 22:27:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් හා කාන්තා සාමාජිකයින් එක්ව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි අඟහරුවාදා (4) දින ‘කාන්තාව : සාමයේ පදනම සහ තිරසාර සාමය’ යන තේමාව ඔස්සේ සම්මන්ත්‍රණයක් ප්‍රථමවරට පවත්වනු ලැබීය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මුදන්නායක විසින් කරනු ලැබූ....
2018-11-28 17:54:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය විසින් සංවිධානය කරනු ලැබු ‘සයිබර් අවකාශය සදාතන යුධ පෙරමුණ’ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණය සදහා දේශීය සහ විදේශීය විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී බදාදා (28) දින ආරම්භ කරනු ලැබීය. මෙම අවස්ථාව සදහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක...
2018-11-28 11:18:19
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයකට අනුව ත්‍රිවිධ හමුදාවේ බළලත් නිලධාරී හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී 2000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් විද්වත් කථිකාවතක් ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට සඳුදා (26) දින අත්තිඩියේ පිහිටි Eagle’s Lakeside Convention ශාලාවේ දී පැවැත්විණි.
2018-11-19 18:26:48
ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ධූරයේ රාජකාරි භාරගත් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳුදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූ අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිය.යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි නව ආරක්ෂක ලේකම්තුමන්ව යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රදීප් ගමගේ විසින්.....