2019-01-11 21:39:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේවයේ නියුතු නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යාපනය හදාරණ දරු දැරියන් 701 දෙනෙකු වෙත ලැප්ටොප් පරිගණක 10 ක් ඇතුළු රුපියල් මිලියන 14.2 ක පමණ වටිනාකමින් යුතු පාසල් උපකරණ, ශිෂ්‍යාධාර සහ පදක්කම් ප්රදානය කිරීම සිකුරාදා (11) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි.
2019-01-11 18:13:08
ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණයක් මල්පල ගන්වමින් ප්‍රථම වරට මෙරට නිෂ්පාදනය කරන ලද බැලස්ටික් රබර් නියැදිය (Ballistic Rubber) එම ආයතනයට අනූයුක්තව සේවය කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් එන්. ඒ. බී. එම්. එස්. නිශ්ශංක විසින් බ්‍රහස්පතින්දා (9) දින යුද්ධ හමුදා මූලස්ථානයේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ඉදිරිපත් කරනු ලැබීය.
2019-01-10 10:19:55
තම මාතෘ භූමිය රැක ගැනිම උදෙසා ඇස්, හිස්, මස්, ලේ දන්දුන් අභීත විරුවන් සිදුකළ අමිළ මෙහෙවර අමතක නොකළ යුද්ධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව අවුරුදු උදාවත් සමඟ අඟහරුවාදා (08) දින අත්තිඩිය මිහිදු සෙත් මැදුර වෙත පැමිණි අතර එහිදි පූර්ණකාලීනව ආබාධිතවී නේවාසික සිටින රණවිරුවන් හට නව අවුරුදු සුභපැතුම් හා ත්‍යාග පිරිනමනු ලැබීය.
2019-01-01 15:49:24
‘රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා අප කැපවීමෙන් කටයුතු කරන අතරම, ජාතික ආරක්ෂාව මෙන්ම රටේ අභ්‍යන්තර හෝ වෙනත් ආකාරයේ ආරක්ෂක තර්ජනයන්ට මුහුණදීමට යුද්ධ හමුදාව සූදානම් විය යුතුය. 2019 වර්ෂයේ දී විවිධ අංශවල පුහුණු වැඩසටහන් සමඟ යුද්ධ හමුදාව මෙම වැඩපිළිවෙල වැඩිදියුණු කරමින් තවදුරටත් රටේ භෞමික අඛණ්ඩතාව සහ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටින බවත්’ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අඟහරුවාදා (01) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැති නව වර්ෂයේ රාජකාරී ආරම්භක උත්සවයට සහභාගිවෙමින් පැවැසීය.
2018-12-31 22:55:02
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි!
2018-12-29 12:33:22
පුත්තලම දිස්ත්‍රිකයේ ජීවත්වන අප්‍රිකානු සම්භාවයකින් පැවත එන ‘අප්‍රිකානු සම්භවයන් සහිත’ ජාතීකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නත්තල් දින උත්සවයට සමගාමීව පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේ දි සෞන්දර්යාත්මක හා සුවිශේෂී සංස්කෘතික කැරොල් උත්සවයක් සිකුරාදා (28) දින පැවැත්විණි.
2018-12-24 22:13:42
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියළුම නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකය පුරා විසිරී සිටින අපගේ පාඨකයන් හට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන්නෙමු !
2018-12-20 14:22:56
රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ ලඟම ඥාතින් සහ රණක්ෂිතයට පත් රණවිරුවන් මෙන්ම සේවයේ නියුතු රණවිරුවන්ගේ නිවාස අවශ්‍යතාවය ඉටුකිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද ‘යුද්ධ හමුදාධිපතිතුමන්ගේ විශේෂ නිවාස ව්‍යාපෘතියේ’ අධියර III සහ VI යටතේ ඉදිකරනු ලැබු නිවාස 118 ක යතුරු හා නිල ලේඛණ භාරදීම සහ ගල්කුලම පුහුණු පාසලේ දී ‘බර වාහන අලුත් වැඩියාව’ පිළිබඳ පාඨමාලාව සාර්ථකව හැදෑරු නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා සමාජිකයින් 147 දෙනෙකු වෙත ජාතික වෘත්තිය නිපුණතා (NVQ) සහතික පිරීනැමීමේ උත්සවය බදාදා (19) දින කොළඹ 2 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ දී පවත්වනු ලැබීය.
2018-12-19 11:37:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් දර්ශනිය අංගයක් වන අන්තර් රෙජිමේන්තු සරඹ, තුර්යවාදක කණ්ඩායම් සහ පියවර කෝදු තරඟාවලියේ අවසන් තරඟ සහ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රධානය කිරීමේ උත්සවය අඟහරුවාදා (18) දින සන්ධ්‍යාවේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ක්‍රීඩාංගනයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2018-12-17 13:17:22
බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය මගින් පවත්නු ලබන සම්මන්ත්‍රණය ‘වර්තමාන උපායමාර්ගික පරිසරයක් තුල කලාපීය හමුදා අණදෙන්නන්ගේ කාර්යභාරය’ යන තේමාව ඔස්සේ සඳුදා (17) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.