2019-03-31 10:48:46
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පසුගිය සෙනසුරාදා (30) දින දියතලාවේ පැවැත්වූ මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය නිරික්ෂණය කිරිමේ සංචාරයක නිරතවිය. එහිදී ඉන්දියානු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් ඉදිරිපත් කළ උපක්රමික සරඹ සංදර්ශණයක් හා ඉන්දියානු යුද්ධ හමුදා භටයින් විසින් ත්‍රස්තවාදී ලෙසින් ත්‍රස්ත කඳවුරු වටලා ප්‍රහාරායක් දියත් කරන ආකාරය ද නැරඹීය.
2019-03-28 08:48:09
මෙරට කීර්තීමත් ආයතනයක් වන ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන - 2018’ උළෙල බදාදා (27) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදි පැවැත්වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගිවිය. එහිදි ශ්‍රි ලංකාවේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දක්ෂතා දැක්වූ විශිෂ්ටයින්....
2019-03-27 12:40:40
ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සති දෙකක කාළයක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දිගුකාලීන හමුදා අභ්‍යාසය හෙවත් 6 වන මිත්‍ර ශක්ති යුධ පුහුණු අභ්‍යාසය අඟහරුවාදා (26) දින දියතලාවේ පිහිටි 1 ගැමුණු හේවා බළඇණි කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි. මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දීය යුද්ධ හමුදා සමාජිකයින් 120 ක පමණ පිරිසක් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
2019-03-22 17:17:43
යුද්ධ හමුදා මූලස්ථානයේ සහ බස්නාහිර පළාතේ සියලුම කඳවුරුවල සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ සහභාගිත්වයෙන් සිකුරාදා (22) දින උදෑසන පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම යුද්ධ හමුදා විහාරස්ථාන පරිශ්‍රයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමය විසින් ‘ත්‍රිපිටකාභිවන්දනා’ ආගමික වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2019-03-22 14:09:27
යුද්ධ හමුදා 2 වන ඉංජිනේරු සේවා බලකායේ වෘත්තීය ඉංජිනේරු හා තාක්ෂණික සුදුසුකම්ලත් ඉංජිනේරුවරුන් 200 කට අධික පිරිසක් හා නාවික හමුදා මෙන්ම ගුවන් හමුදා සමාජිකයින්ගේ සහය ඇතිව මැදින් පුර පසලොස්වක පොහොය දිනට යෙදි තිබු සුභ මොහොතින් බදාදා (20) දින මහල් 4 කින් සමන්විත මෙත්සිරි සෙවන සුභසාදන හා පර්යේෂණාගාරය ජනතා අයිතියට පත්කරනු ලැබීය.
2019-03-18 18:44:08
‘රණවිරු උත්තම ප්රණාම’ සමරුමට සමගාමීව, දකුණු වැලිගම ප්‍රදේශයේ හලල්ල ගම්වැසියන්, භික්ෂුන් වහන්සේලා, දහම් පාසල් සිසුන් සහ දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පිං පැමිණවීමේ සහ සේවයේ යෙදී සිටින රණවිරුවන්ට ආශිර්වාද එක්කිරීමේ ‘ආශිර්වාද සහ අනුස්මරණ...
2019-03-18 14:09:26
ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වර්ෂ 2016 – 2020 දක්වා උපායමාර්ගික සැලැස්ම, කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පසුගිය බදාදා (13) දින පැවැති උත්සවයක් අතරතුරදී ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිල වශයෙන් අනුමත කරන ලදී.
2019-03-15 10:14:41
යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමනාකරණ ශාඛාව විසින් සංවිධානය කල නව ජාතික විගණන පනත හා එහි ඇතුලත් කල නව විධිවිධාන පිළිබඳ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් පසුගිය බදාදා (13) දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.
2019-03-13 17:31:14
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ ස්ථාපිත සියළුම ඒකකයන් නියෝජනය වන පරිදි සංවිධානය කරනු ලැබූ අන්තර් බලඇණි ආධාරක අවි තරඟාවලිය - 2019 හි අවසන් මහා තරඟය යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය සඳුදා (11) දින පැවත්වූ අතර, එහි ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවිය.
2019-03-08 15:56:42
“වසර 10 කට පෙර පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අයුරින් නීතිමය බලතල අප වෙත ලැබූනහොත්, නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් බලධාරීන් සමඟ එක්ව මෙහෙයුම් දියත් කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අලෙවිකරුවන් සහ ඇබ්බැහි වූවන් අත්අඩංගුවට ගැනීමට සුදානම් බව” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිකුරාදා (08) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටියේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.