2019-04-14 00:00:00
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් ඇතුළු සියලු දෙනාහට ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමයෙන් හා සමෘද්ධියෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි !
2019-04-11 20:47:55
මන්නාරම අති පූජනීය මඩු දේවස්ථානයේ බ්‍රහස්පතින්දා (11) දින උදෑසන පැවැති විශේෂ දේවමෙහෙයක් අතරතුරදී යුද්ධ හමුදාව විසින් ඉදිකල මන්දිරයේ මඩු මාතාවගේ පිළිරුව තැන්පත් කිරීමේ අති උතුම් අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2019-04-11 11:06:10
සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය වෙත සංක්‍රමණය වීමත් සමඟම උදාවන්නා වු නව වසර සැමරීම වෙනුවෙන් පවත්වනු ලබන සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා විනෝදජනක ක්‍රීඩා රැසකින් සමන්විත සිංහල හා දමිළ අළුත් අවුරුදු උත්සවය යුද්ධ හමුදා මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ සහභාගීත්වයෙන් පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී බදාදා (10) දින පැවැත්විණි.
2019-04-08 22:52:38
අසල්වාසි රටවල් සමඟ පවත්නා සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන කලාපීය කරුණු සම්බන්ධයෙන් පවත්නා අවබෝධය වැඩිදියුණු කිරීමේ අරමුණින් 6 වන වරටත් පවත්වනු ලැබු ‘ඉන්දු - ශ්‍රී ලංකා වාර්ෂික ආරක්ෂක සංවාදය’ සඳුදා (08) දින උදෑසන ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත...
2019-04-08 07:35:27
රට ආරක්ෂා කිරීම සඳහා දැක්වූ කැපවීම සම්බන්ධයෙන් නිසි ගෞරවයක් සහ පිළිගැනීමක් ලබාදෙමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ විශ්‍රාම දිවිය ගත කිරීමට කටාන, බොලගල ප්‍රදේශයේ පිහිටි ප්‍රවීණ රණවිරු වැඩිහිටි නිවාසය ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 3.5 ක වියදමින් ප්‍රතිසංස්කරණය කර පසුගිය ඉරිදා (07) දින නැවතවරක් විශ්‍රාමික රණවිරුවන් වෙත පවරාදෙන ලදී.
2019-04-07 08:05:54
පැරණි චාරිත්‍ර වාරිත්‍ර, උත්සව ඇතුළු දුර්ලභ සම්ප්රදායන්ගේ එකතුවක් වන සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ‘වන අරණක අසිරිය’ කණ්ඩායම එක්ව සංවිධානය කල ‘සිරිසර අලුත් අවුරුදු - 2019’ ජාතික අලුත් අවුරුදු උත්සවය පදවි ශ්‍රී පුර, කොළොන්ගොල්ලේ දී පසුගිය සෙනසුරාදා (06) දින පැවැත්විණි. මීට සමගාමීව, යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද කොළොන්ගොල්ල වැව එම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සඳහා යොදාගැනීමට ජනසතු කරන ලදී.
2019-04-05 17:05:09
ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ ‘හදට හදක් භාරකාර අරමුදලේ’ ඉල්ලීමකට අනුව හෘදයාබාධ රෝගීන්ගේ ජිවිත බේරාගැනීම සඳහා හදිසි හෘද ශල්‍යකර්ම සිදුකිරීමට අවශ්‍ය වියදම් දැරීමට යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක්දින වැටුපකින් කොටසක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘හදට හදක් භාරකාර අරමුදල’ වෙත පරිත්‍යාග කරන ලදී.
2019-04-04 19:27:14
කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ ඉල්ලීමකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පසුගිය බදාදා (03) දින ගනේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ නව පහසුකම් රැසක් විවෘත කරන ලදී.
2019-04-03 16:28:29
දිවයිනේ සෑම පුරවැසියෙකුම නීති විරෝධි මත්ද්‍රව්‍යය ආනයනයට සහ ව්‍යාප්තියට එරෙහිව නැඟී සිටීම සඳහා වූ ‘බක්මහ දිවුරුම’ නම් විශිෂ්ඨ ජාතික පොරොන්දුව තේමාව කොටගත් උත්සවය බදාදා (3) දින සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්රයේ දී පැවැත්විණි...
2019-04-03 09:24:38
කුරිරු ත්රස්තවාදීන් සමඟ පැවැති යුද්ධයේදී කාය දානය සහ ප්‍රාණ දානය ලබාදුන් විරෝධාර රණවිරුවන් හා ඔවුන්ගේ ලගම ඥාතින් මෙන්ම දැනට සේවයේ යෙදී සිටින විරෝධාර රණවිරුවන් හා සිවිල් සේවකයින්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව 306 C1 දිස්ත්‍රික් කලාප 3 හි පිහිටි කාන්තා සිංහ සමාජය සහ ලියෝ සමාජය විසින් ජූකී මහන මැෂින් 11 ක්, පරිඝණක 6 ක්, නිවසට අවශ්‍ය උපකරණ, සංගීත කණ්ඩායමට නව ඇඳුම් කට්ටල, පාසල් උපකරණ සහ රණක්ෂිතයට පත්වූ රණවිරුවෙකුට කෘතිම පාදයක් අඟහරුවාදා (02) දින මධ්‍යහනයේ යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති උත්සවයකදී ප්රදානය කරන ලදී.