2019-08-27 12:55:54
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සඳුදා (26) දින යුද්ධ හමුදා මුලස්ථානයේ හමුදා ලේකම් කාර්යාලයේ දී නිලධාරීන් අමතමින් සංවිධානය හා එහි නවීකරණය, ජාතික ආරක්ෂාව, ජාතිය ගොඩනැගීම, ප්රතිසන්ධාන ක්‍රියාවලිය, වෘත්තිකභාවය හා වෘත්තීය ප්‍රගතිය වැඩිදියුණු කිරීම, හමුදා සාමාජිකයින්ගේ හා පවුල්වල සුභසාධනය, විශ්‍රාමගැනීම හා අනාගත අපේක්ෂාවන් යන කරුණු හතක් යටතේ එතුමන්ගේ දැක්ම පිළිබඳ පැහැදිලි කළහ.
2019-08-26 20:32:08
ලොවපුරා වූ ආරක්ෂාව සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්ෂක විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් 'සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාසනය වන හමුදාමය විශිෂ්ටත්වය' (Evolving Military Excellence in the Contemporary Security Landscape) යන තේමාව ඔස්සේ මෙවරත් ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2019’ අගෝස්තු මස 29 සහ 30 දිනයන්හිදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (26) දින සන්ධ්‍යාවේ කොළඹ කින්ග්ස්බරි හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.
2019-08-24 12:23:03
යුදබිමේදී තිබූ සහෝදර සබඳතා සහ සාමූහික වගකීම සිහිපත් කරමින් නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය එතුමන්ගේ දියණියන් ද සමඟ අද (23) දින උදෑසන ආබාධිතව ප්‍රතිකාර ලබමින් විරෝදාර රණවිරුවන්ගේ සුවදුක් සොයාබැලීම සඳහා රණවිරුවන් 50 කට වැඩිපිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරෙහි සංචාරයක නිරත විය.
2019-08-21 10:21:22
23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අගෝස්තු මස 21 වන බදාදා දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරවාචාර, ආගමික ආශීර්වාද සහ සුභපැතුම් මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී ආරම්භ කරන ලදී.
2019-08-20 12:29:56
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී අද (20) දින උදෑසන පැවති අභිමානවත් උත්සවයේදී 22 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කළ ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව නව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත සංකේතාත්මකව යෂ්ටිය පිරිනමමින් යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරදෙනු ලැබීය.
2019-08-19 13:28:54
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2019 අගෝස්තු මස 18 වන දින සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර 23 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්කර ඇත.
2019-08-17 07:55:42
විශේෂ බලකා රෙජිමේන්තු දිවයිනේ ස්වෛරීත්ය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිදු කරන ලද අභිත මෙහෙවර වෙනුවෙන් ජනාධිපති ‘රණ පරශුව’ සම්මානය සහ රෙජිමේන්තු ‘රණ පරශුව’ සම්මානය ප්රදානය කිරීම සිකුරාදා (16) දින නාඋල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ද සහභාගීවිය.
2019-08-10 12:21:22
ශ්‍රී ලංකා - රුසියානු හමුදාවන් අතර පවත්නා ද්වීපාර්ශ්වික හමුදාමය සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය වෙත කරනු ලැබූ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අගෝස්තු මස 3 සිට 5 දින දක්වා රුසියාව තුල තෙදින සංචාරයක නිරත විය.
2019-08-09 13:06:44
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් අගයමින් ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බිෂොප් විද්‍යාල ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් ‘වර්ණ රාත්‍රියක්’ පවත්වනු ලැබීය.
2019-08-07 18:18:14
වසර 23 ක ඉතිහාසයකට උරුමකම් ඇති වවුනියාව ප්‍රදේශයේ ස්ථානගත 3 වන විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කරන ලද නවීන දේශන ශාලාව, දිගුදුර මෙහෙයුම් කෞතුකාගාරය, නවීන පන්නයේ පුහුණුවීම් සඳහා යොදාගත හැකි පන්ති කාමරයක් ඇතුලත් සමාකෘති ගොඩනැගිල්ල සහ භූගත වෙඩිපිටිය ඇතුලත් කුසලතා වර්ධන පුහුණු සංකීර්ණය ඉකුත් අඟහරුවාදා (07) දින උදෑසන සුභ මොහොතින් විවෘත කරනු ලැබීය.