2020-04-30 18:10:24
මහජන සෞඛ්‍ය ආසියා-පැසිෆික් අධ්‍යයන සම්මේලනයේ (APACPH) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ආරාධනයෙන් ‘ප්‍රජා සවිබල ගැන්වීම තුළින් සම්ප්‍රේෂණ දාමය බිඳ දැමීම’ යන තේමාව යටතේ අද (30) දින පැවති සාකච්ඡාව සඳහා කොවිඩ්-19 වෛරසය පැතීරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර, එහිදි ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයින් සහ මහජන සෞඛ්‍යය මණ්ඩලය...
2020-04-29 18:25:53
කොවිිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් COVID-19 වසංගතයට එරෙහි ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවලට සහයෝගය දැක්වීමේ අරමුණින් යුතුව අද (29) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මහ කොමසාරිස්වරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහද පිළිසදරක නිරත වෙමින් හිස් ආවරණ සහ මුව ආවරණ තොගයක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කළේය.
2020-04-28 19:52:50
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (28) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගී වූහ.
2020-04-27 19:57:30
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (27) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.
2020-04-26 20:22:26
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (26) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2020-04-26 12:24:09
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (25) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2020-04-24 14:08:27
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (23) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එම මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.
2020-04-21 22:18:24
කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින සවස ශ්‍රි ලංකාවේ සහ විදේශ ආරක්ෂක උපදේශකයින් සමග කොවිඩ් 19 උවදුර මැඩලීම වෙනුවෙනු දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට සිදු කිරිමට නියමිත කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් සිදු කරන ලදී.
2020-04-19 23:11:08
අද (19) සවස මාධ්‍ය වෙත නිකුත් කරන ලද වීඩියෝ පටයක් මගින් කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙසේ පැවසීය. යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පූනානී Brandix නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 63 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්ෂණය සිදුකර අද (19) දින ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යවන ලදී.
2020-04-17 23:44:07
උදාවූ සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් පසු රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රථම කමිටු රැස්වීම ඉකුත් (17) දින පැවැත්විනි.