2020-06-20 23:50:06
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර රුවැන්වැලි මහා සෑරඳුන් අභිමුවදී සෙනසුරාදා (20) දින උදෑසන ආගමික වතාවත් සහ ආශිර්වාද පිංකමක් පැවැති අතර ඒ සඳහා අනෝමා රාජපක්ෂ මැතිණිය, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන්, හිටපු අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්, ගරු නාමල් රාජක්ෂ මැතිතුමන් ඇතුළු ඥාතීහිතමිත්රාදීන් රැසක් සහභාගි වූහ.
2020-06-17 18:45:22
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ ආරක්ෂක නියෝජිතයින් වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති, ජාතික බුද්ධි අංශ ප්‍රධානී සී.ඩී වික්‍රමරත්න, යාපනය, මුලතිව් සහ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිවරුන්, උතුරේ නියෝජ්‍ය පොලිස්පති සහ තවත් නිලධාරීන් පිරිසක් අද (17) දින උදේ යාපනයේ ආරක්ෂක තත්ත්වය සහ කොවිඩ් 19 වෛරසය පිළිබද කාලීන සාමාලෝචනයක නියැළුනහ.
2020-06-15 17:13:22
කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා හමුදා වෘත්තීමයභාවය ඉහළ නංවන කීර්තිමත් ශාස්ත්රලීය ආයතනයක් වන බුත්තල හි පිහිටි නිලධාරී ප්‍රවර්ධ ප්‍රගමන මධ්‍යස්ථානය වෙත අද (15) දින සපැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවට උණුසුම් අයුරින් රතු පලස් මතින් පිළිගනු ලැබීය. එතුමන් පසුගිය වසරේ යුද්ධ හමුදාධිපති ධූරයට පත් විමෙන් පසු නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධ මධ්‍යස්ථානයේ සිදු කළ ප්‍රථම නිල සංචාරය මෙය වේ.
2020-06-10 14:24:31
COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණයට අනුව නව්‍යකරණය කරන ලද මානව කේන්ද්‍රීය වෛද්‍ය විද්‍යාත්මක නවෝත්පාදන උපකරණ 29 ක්, ඉතා කෙටි කාලයක් තුළ එකම ස්ථානයක් තුළින් නිෂ්පානදය කර ඉකුත් බදාදා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ප්‍රදර්ශනය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොවිඩ් 19 වෛසරය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහභාගී වූහ.
2020-06-05 23:19:21
දිවයින පුරා කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා අනගිභවනීය කාර්යභාර්යක් ඉටු කළ සියලුදෙනාට ආශීර්වාද එක් කරමින් ‘දෙරණ’ රූපවාහිනි නාලිකාව විසින් සංවිධානය කරන ලද ‘දෙරණාභිවන්දනා’ කෘතවේදීත්වයේ පිංකම අද (05) දින සන්ධ්‍යාවේ ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභිමුවදී පැවැත්වීණි.
2020-06-04 11:31:40
වෙසක් උත්සවය හැරුණු කොට වසරේ දෙවන බෞද්ධ සැමරුම් උළෙල වන පොසොන් පුර පසොලොස්වක පොහෝ දින වැදගත්කම වෙත ප්රමුඛත්වයක් ලබාදෙමින් බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය අසල සිට යුද්ධ හමුදා මූලස්ථානය දක්වා පිවිසෙන මාර්ගයේ යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් වර්ණවත් පහන් කූඩුවලින් අලංකාරවත් වූ ‘පොසොන් කලාපය’ ඉකුත් බදාදා (03) දින සන්ධ්‍යාවේ ආලෝකවත් විනි.
2020-05-29 23:17:08
දේශප්‍රේමී යුධ වීරුවන් සහ ශ්‍රී ලාංකික ජාතියට වටිනා වෘත්තිකයින් බිහිකළ වසර 139 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන කොස්ගම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සංවත්සර දිනය නිමිත්තෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත එම බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ මඟපෙන්වීම යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2020-05-27 19:41:23
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු අද (27) දින උදෑසන කොළඹ 2, කොම්පඤ්ඤවිදියේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ පළමු ජාතික ආරක්ෂක විද්‍යාලයේ ගොඩනැගිමේහි හා එහි ප්‍රතිසංස්කරණ කටයුතුහි ප්‍රගතිය පිළිබඳ සොයාබැලීය.
2020-05-23 14:55:13
ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින්, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ඉහළ මට්ටමේ නැව් සමාගම්වල සාමාජිකයින් අතර සාකච්ඡාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (22) දින මධ්‍යහනේ යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
2020-05-19 19:02:56
ජාතික සාමය සහ සංහිඳියාව යථාර්තයක් බවට පත්කරගනිමින් රටේ ඒකීයභාවයත්, සාමාන්‍ය ජනජීවිතවල හෙට දවසත් සුරක්ෂිත කරනු පිණිස ක්‍රියාන්විතයේ දී ජිවිත පූජාකල ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ජාතික රණවිරු අනුස්මරණ දින සන්ධ්‍යාවේ ශ්‍රී ජයවර්ධනපුර, බත්තරමුල්ල රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී හමුදා සම්ප්‍රදායානුකූලව පැවැත්විණි.