2020-07-13 21:08:49
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (13) දින පස්වරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගි වූහ.
2020-07-11 19:14:10
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පස්වරුවේ රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී, සියලුම බලධාරීන් සත්‍ය සංඛ්‍යාලේඛන හා නිවැරදි තොරතුරු, පළමු කොවිඩ් ආසාදිතයා වර්තා වූ මාර්තු මස සිට මේ දක්වා මහජනතාව වෙත ඉදිරිපත් කර ඇති බවත් වඩාත් ප්‍රවේශමෙන් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන සෞඛ්යාරක්ෂිත උපදෙස් පිළිපැදිය යුතු බවත් අසත්‍ය තොරතුරු හා ව්‍යාජ කටකතා වලට නොරැවටෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියහ.
2020-07-10 18:40:20
වෛරසය ආසාදනය වී සුවය ලැබූ විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයන් සිය නිවෙස් කරා ආපසු යන බැවින් වඩාත් ප්‍රවේශම් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් අසත්‍ය තොරතුරු හා ව්‍යාජ කටකතා වලට නොරැවෙටෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් කියා සිටියේ:
2020-07-06 22:51:01
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු අතර සාකච්ඡාවක් අද (6) දින පස්වරුවේ රාජගිරියේ පිහිටි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවත්විණි. එහිදි, නිරෝධායන ක්‍රියාවලියේ හා දැනට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව සම්බන්ධීකරණය කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.
2020-07-03 14:37:47
ජාතික උරුමයක් ලෙස සැලකෙන එලිසබත් යුගයේ මන්දිරයක් වු නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ කළමනාකාරීත්වය සහ කාර්යමණ්ඩලය, තරුණ සංගීතඥයින් සහ සිසුන් කණ්ඩායමක් සමඟ එක්ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත උපහාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින සංවිධානය කළ අතර හෝටල් පරිශ්‍රයේදී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඡායාරූපයක් නිරාවරණය කරමින් කොවිඩ්-19 වෛරසය දිවයිනෙන් තුරන් කිරිම සඳහා කරන ලද කාර්යභාර්ය අගය කරමින් විශේෂ සමරු තිළිණයක් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්රදානය කලෝය.
2020-07-02 19:58:36
අතීත යටත් විජිතවාදින්ගේ ‘කුඩා එංගලන්තය’ හා සමාන නුවරඑළිය ප්‍රදේශයේ සිසිලස හා සරුසාර කඳුකරයේ විවේක ගැනීමට සහ විනෝදවීමට පැමිණෙන නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පැවැති දීගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින්, නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අති නවීන නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා අද (02) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් මුල්ගල තැබීය.
2020-06-27 18:10:58
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (27) දින උදෑසන මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගලාභිදාන හිමිපාණන් සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතනාභිදාන හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර කොවිඩ්-19 වෛරසය දිවයිනෙන් තුරන් කිරීම සඳහා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින්...
2020-06-26 14:51:13
යුද්ධ හමුදා නවෝත්පදනයන්ට නව සන්ධිස්ථානයක් එක්කරමින්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද යුනිකෝන්/යුනිබෆල් රථ 9 ක්, ආපදා රථයක් සහ මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් බහාලුම් 03 ක් බටහිර අප්‍රිකාවේ, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලාංකික සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ (Combat Convoy Company) පරිහරණය සඳහා යැවීමට නැව්ගත කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
2020-06-24 14:25:46
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2020 සිට 2025 වර්ෂය දක්වා ඉදිරි මාවත සකස් කිරීමේ’ වැඩපිළිවලේ කොටසක් ලෙස තෙදිනක් පුරා පැවැතිවීමට නියමිත ‘බලසේනාධිපතිවරුන් පුහුණු කිරීමේ වැඩමුළුව’ අද (24) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරම්භ කෙරිණි.
2020-06-22 22:12:37
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව මාස කිහිපයක් තුළ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යුද්ධ හමුදා මූලස්ථානය අවට වටපිටාව පරිසර හිතකාමී ලෙස අලංකාරවත් කර මහජනතාව වෙනුවෙන් ශාරීරික යෝග්‍යතා මංතීරු සහිතව ඉදිකර සාර්ථකව නිම කරන ලද තවත් ව්‍යාපෘතියක් සඳුදා (22) දින නාගරික සංවර්ධන සභාපති, ගෘහ නිර්මාණ ශිල්පී හර්ෂාන් ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ උත්සවයකදී සොබාදහමට ආදරය කරන මහජනයා වෙනුවෙන් විවෘත කෙරිණි.