2020-08-02 12:23:59
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කතරගම බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව ඉකුත් සෙනසුරාදා (1) දින පූජනීය කතරගම පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා සපැමිණි අතර, එහිදි කතරගම පෙරහැර මංගල්‍ය වෙනුවෙන් සූදානම්කර ඇති ආලෝක පද්ධතිය ක්‍රියාත්මක කරමින් මෙම පූජනීය කටයුත්තෙහි ආරම්භය සනිටුහන් කළේය.
2020-07-30 13:16:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාල ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
2020-07-25 20:39:42
කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ අංගසම්පුර්ණ ගෘහස්ථ ක්රීඩාංගාරය විවෘත කිරීමේ සහ අති නවීන ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවය අද (25) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති මෙන්ම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2020-07-24 19:56:57
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපති හිමිපාණන් ලෙස සියලුදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ වත්මන් මිරිසවැටිය චෛත්‍යාරාමාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් පත් කිරීමෙන් අනතුරුව අද (24) දින උදෑසන ප්‍රථමවරට එම විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි නව කුලපති හිමිපාණන් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
2020-07-22 17:48:16
පාකිස්ථානයේ ‘Quetta’ හී පිහිටි විශිෂ්ඨ ගනයේ අණ හා මාණ්ඩලික විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් එහි අධ්‍යාපනය ලැබු ශ්‍රී ලාංකික උපාධිධාරි හමුදා නිලධාරීන් සඳහා පදක්කම් ප්රදානය කිරිමේ උත්සවයක් අද (22) දින ශ්‍රී ලංකාවේ පිහිටි සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබු අතර, කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය මේ වෙනුවෙන් පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දී තිබිණි.
2020-07-21 19:08:50
නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (21) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සිය ප්‍රථම නිල හමුව පවත්වනු ලැබීය.
2020-07-18 16:49:22
යුද්ධ හමුදාව විසින් ආරම්භ කරනු ලැබු නිවාස ඉදිකිරිමේ දැවැන්ත ප්‍රජා ව්‍යාපෘතියට සමගාමීව “ජාතික සංහිදියාවේ සංකේතයක්” ලෙස යාපනය අර්ධද්වීපයේ වේලානායි ප්‍රදේශයේ පුන්කුඩිතිව් ගම්මානයේ විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන පවුල් වෙනුවෙන් ඉදිකරනු ලැබු නව නිවාස 25ක් අද (18) දින ප්‍රතිලාභීන් වෙත පවරාදෙන ලදී.
2020-07-17 19:32:44
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන්ගේ සෞඛ්‍යය තත්ත්වයන් ඉතා උසස් මට්ටමකින් පවත්වාගෙන යාමේ අරමුණින් යුතුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ නවීන පහසුකම්වලින් සපිරි ඇදන් 75 කින් සමන්විත නවතමයෙන් ඉදිකරනු ලැබු යුද්ධ හමුදා මූලික රෝහල අද (17) දින පැවති උත්සවයකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා භාරදෙනු ලැබීය.
2020-07-15 12:26:35
කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා පැතිරීම පාලනය කිරීමේ ජාතික අභියෝගාත්මක කර්තව්‍යය මධ්‍යයේ වුවද, වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය වීදි සංචාරය කිරීම සඳහා මහනුවර වීදි ආලෝකමත් කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින් සම්ප්‍රදායිකව චාරිත්‍රයක් ලෙස අඛණ්ඩව 07 වන වරටත් කොප්පරා ශ්‍රී දළඳා මාලිගාව වෙත පූජා කරනු ලැබුහ.
2020-07-14 18:58:04
නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා සිය සේවා කාලය අවසන විශ්‍රාම ගැනීමට ප්‍රථම, අද (14) දින පස්වරුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේ දී මුණගැසිනි.