2020-10-02 06:48:49
ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදෙන 71 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් සෑම වසරක් පුරාවටම යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන සාම්ප්‍රදායික බෞද්ධ ආගමික අංගයක් වන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය...
2020-09-30 13:24:02
ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදි තිබෙන 71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට සෙත්පතමින් සිදුකරනු ලැබූ දෙවැනි ආගමික උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභිමුවදී අද (30) දින උදෑසන පැවැත්විණි.
2020-09-28 23:29:43
71 වන සංවත්සරයට සමගාමීව සියලුම යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආගමික උත්සවයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (28) දින උදෑසන මහනුවර ශ්‍රී දලදා මාලිගාවේදී යුද්ධ හමුදා නිලධාරීන්, සෙසුනිලයින් හා සිවිල් කාර්යමණ්ඩල සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
2020-09-27 20:27:19
එක්සත් ජාතින්ගේ ලෝක සංචාරක දින නිල සැමරුමට සමගාමීව වෙළඳ හා සංචාරක දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් උපාය මාර්ගික සංගමය සහ සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සමඟ එක්ව අඛණ්ඩව 7 වන වරටත් පවත්වනු ලබන ජාත්‍යන්තර සංචාරක නායකයින්ගේ සමුළුව සහ සංචාරක පර්යේෂණ සම්මන්ත්‍රණය අද (27) දින මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ (Kandy City Center) පරිශ්‍රයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන දේශනය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිදු කළේය.
2020-09-26 15:23:18
2020 යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟාවලියේ සමාරම්භය මෙවර ඉතා නැවුම් මුහුණුවරකින් යුතුව යුද්ධ හමුදා මූලස්ථානය අභියසදී අද, එනම් සෙනසුරාදා (26) දින ඉතා උද්යෝගීමත් අයුරින් පැවැත් වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.
2020-09-22 10:38:01
2 වන ලෝක යුද්ධයට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් ඉකුත් සඳුදා (21) දින කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී ‘ජයග්‍රහණය සහ සාමය’ (Victory & Peace) තේමාව යටතේ පැවති චිත්‍ර ප්‍රදර්ශන සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.
2020-09-18 17:30:04
වැහැර පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු රෙජිමේන්තු මුලස්ථානයට ආසන්නයේ හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මුලස්ථාන බළඇණි පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ක්‍රීඩාංගණය අද (18) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
2020-09-17 22:53:44
යුද්ධ හමුදාවේ පැරණිතම හා කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ 132 වන සංවත්සර උත්සවය දේශය වෙනුවෙන් දිවිපිදු එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින පනාගොඩ ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
2020-09-14 18:43:02
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් සහ යුද්ධ හමුදා කඳවුරු ආශ්රිත ජිවත් වන ගොවිජනතාවට හා මහජනතාව අතර ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය කොමර්ෂල් බැංකුව සමඟ එක්ව මධ්‍යම පළාතේ යුද්ධ හමුදා කඳවුරු අවට වෙසෙන ගොවි ජනතාව වෙත බෙදාදීම සඳහා එළවලු බීජ, ට්‍රැක්ටර්, යන්ත්‍රෝපකරණ ඇතුළු අනෙකුත් මෙවලම් තොගයක් අද (14) දින සුදානම් කෙරිනි.
2020-09-13 01:28:20
විශේෂ බලකා පාඨමාලා අංක - 50 යටතේ මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාවක් නිමකළ නිලධාරින් පස් දෙනෙකු සහ සෙසු නිලයින් 295 දෙනෙකු ගේ විසිර යෑමේ උත්සවය සෙනසුරාදා (12) දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ දී පැවති අතර, මෙම විසිර යෑමේ පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ විශේෂ බලකා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.