2020-11-20 16:13:54
යුද්ධ හමුදාව, මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව දියත් කරන ‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භය යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රවේශ මාර්ගයේ ඇවිදින මංතීරූව ආසන්නයේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දින ආරම්භ කෙරිණි.
2020-11-20 00:04:01
ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්, සෙසුනිලයින්, රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් නිරන්තරයෙන් විවිධ සුභසාධන ව්‍යාපෘතින් දියත් කරන ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ඒකකය විසින් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ‘ගැලන්ට්’ යෝගට් සහ කිරී ආශ්රිත නිෂ්පාදනාගාරය අද (19) දින සන්ධ්‍යාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
2020-11-18 17:07:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ කාර්යභාරය තවදුරටත් පහසුකරමින් මත්තේගොඩදී නව ඉංජිනේරු සේනාංකයක් ස්ථාපිත කිරීම සහ එහි නව මුලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (18) දින සිදු කෙරිණි.
2020-11-17 12:58:08
එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ 7 වන යුද්ධ හමුදා කණ්ඩායමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අඟහරුවාදා (17) දින උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සිය සුබපැතුම් පිරිනැමීය.
2020-11-12 15:55:05
තාක්ෂණික දියුණුව හමුවේ නව අභියෝගයන්ට මුහුණදීමට සුදානමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තවත් එක් සන්ධස්ථානයක් පසුකරමින්, අද (12) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා රෙජිමේන්තුව ස්ථාපිත කෙරිණි.
2020-11-10 06:53:43
දිවයින පුරා සීඝ්රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ්-19 වෛරසයට එරෙහිව දැවැන්ත කාර්යභාර්යක් ඉටුකරමින් සිටින සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අතර ඇමතුම් ගාස්තු අය නොකරන ජංගම දුරකථන සම්බන්ධතාවයක් ලබාදීමට ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම විසින් කටයුතු සැලසුම් කර ඇත.
2020-11-05 15:27:04
ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාධිපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අද (05) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සිය ප්‍රථම නිල හමුව පැවැත්වූවේය.
2020-11-03 20:16:56
කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික වැසියන්ගේ නේවාසික පහසුකම් හා රැකියා අවස්ථා අහිමිවීම නිසා එරට ආරක්ෂිත නිවාසවල ඔවුන් රඳවා සිටින පිරිස් කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාකිරීමට කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිතුමන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (03) දහවල් පැවති සැසි වාරයකදී යුද්ධ හමුදාධිපතිතුමා පැවසීය.
2020-10-31 22:14:53
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුමට අදාලව දිවයින පුරා සිදුකරනු ලබන මෙහෙයුම් වල ප්‍රගතිය පිළිබඳ පරික්ෂා කිරීමේ අරමුණ පෙරදැරිව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (31) මධ්‍යහනේ කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම්හී ඉදිකරමින් පවතින කොවිඩ් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2020-10-28 17:24:04
නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් සිය ධුරයෙන් නික්ම යාමට ප්‍රථම, අද (28) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.