2020-12-22 16:58:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අනාගතය කරා පියනගන මාවතේ විවිධ තර්ජන, අවස්ථා සහ අවිනිශ්චිතතාවන් හඳුනාගැනීම සහ නිරන්තරයෙන් ඒවාට අනුවර්තනය වීමේ අවශ්‍යතාවය මත දියත් කරනු ලබන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්ති ප්රකාශණය ඉදිරිපත් කිරීම අද (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ හි නිර්මාතෘ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූහ.
2020-12-19 19:17:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කළ තවත් කෙඩෙට් නිලධාරින් 187 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අභිමානවත් පෙළපාලියකදී සෙනසුරාදා (19) දින විසිර යන ලදී. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව මෙම පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න සහභාගී වූ අතර මෙම පෙළපාලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ඉතිහාසයේ 95 වැන්න ලෙස සනිටුහන් විය.
2020-12-17 20:37:28
මහජනතාව සමඟ පවතින විශ්වාසය මෙන්ම ප්‍රජා සුභසාධන කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කරමින් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ජාතිය ගොඩනැඟීමේ ක්රියාවලියෙහි තවත් එක් අදියරක් වශයෙන් වඩුක්කොඩෙයි ප්‍රදේශයේ පිහිටි ‘උප්පු වායල්කුලම්’ වැව ගොවීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනයට ගැනීම සඳහා යුද්ධ හමුදාව වෙතින් අළුත්වැඩියා කොට මහජනතාව වෙත පවරාදීමේ උත්සවය පසුගිය (17) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ අතර, එහිදී ‘යාපනය මිතුරෝ’ සහ වඩුක්කොඩෙයි...
2020-12-16 21:26:46
කුකුලේඟග පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ එක්සත් ජාතීන්ගේ බහුවිධ ක්‍රියාන්විත සඳහා පූර්ණ හැකියාවන්ගෙන් සමන්විත සාම සාධක භටයෙකු බිහිකිරීම වෙනුවෙන් ප්රතිඵලදායි ලෙස දායක විය හැකි සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පුහුණුවීම් මොඩියුල හා ගුණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කරමින් නව ව්‍යාපෘති කිහිපයක් පසුගිය බදදා (16) දින ආරම්භ කරනු ලැබූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.
2020-12-12 22:24:31
නව යුගයක සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නිෂ්පාදනය කර හදුන්වාදුන් නිර්මාණාත්මක නවෝත්පාදන සහ බර වාහන නිෂ්පාදන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් කොස්ගම පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේදී පසුගිය (12) දින නිරීක්ෂණය කරන ලදී. එසේම, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නවීන කර්මාන්ත ශාලාව ඉදිකරීම සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමන් මුල් ගල් තැබීම මෙහිදි සිදුවිය.
2020-12-08 22:46:39
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සඳහා උපාධි ප්රදානය කරනු ලබන ආරක්ෂක අධ්‍යන ක්ෂේත්රයේ අන්තර්ජාතිකව පිළිගත් මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යන ආයතනයක් වන සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘අණ හා මාණ්ඩලික නිලධාරි’ පාඨමාලා අංක 14 හදාරණු ලබන දේශීය සහ විදේශීය නිලධාරීන්ට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පවත්වනු ලබන ආරාධිත දේශනය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් අඟහරුවාදා (080 දින එම විද්‍යාලයේදී පවත්වනු ලැබීය.
2020-12-07 14:29:41
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය (06) දින ගැමුණු හේවා බලකාය විසින් සංවිධානය කරන ලද සුභසාධන ව්‍යාපෘතීන් රැසක ආරම්භය සනිටුහන් කිරීම සඳහා සහභාගී වූ අතර, එම ව්‍යාපෘතීන් අතර, යුද්ධයේදී තුවාල ලබා රණක්ෂිතයට පත් වූ රණවිරුවන් වෙනුවෙන් කෘතීම අත් පා පරිත්‍යාග කිරීම, නවතමයෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතනය විවෘත කිරීම හා රණවිරු සුභසාධනය අරමුණු කොටගෙන පැවති ලොතරැයි ජයග්රහණයන් සඳහා ත්‍යාග ප්රදානය ආදි අවස්ථාවන් විය.
2020-12-02 21:43:07
නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ දිවයිනට ඇතුලුවන ‘බුරවි’ සුළි කුණාටුව පුල්මුඩෙයි, කොකිලායි, වවුනියාව සහ මන්නාරම යන ප්‍රදේශ හරහා ගමන් කිරිමත් සමඟ ඇතිවන අවදානම් තත්ත්වයට මුහුණදීම සඳහා භටපිරිස් හි සුදානම කෙසේවිය යුතුද සිහිතබාගත යුතු මුලිකාංග කවරේද යන්න අද (02) දින උදෑසන වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේහි සංචාරයක නිරත වු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා භටපිරිස් අමතමින් වඩාත් අවධානයට යොමුකරන ලදී.
2020-11-29 00:05:58
පසුගිය සෙනසුරාදා (28) දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වූ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ ත්‍රෛපාර්ශ්වික රැස්වීම ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩෝවාල් (Shri Ajit Doval), මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා ඩිඩී මහත්මිය (Mariya Didi) සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ සහභාගිත්වයෙන් පැවති අතර එහිදී, ඉන්දියානු සාගරයේ සමුද්‍රීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පොදු අරමුණු වෙනුවෙන් එම කලාපයේ සාමය සහ ආරක්ෂාව සහතික කිරීමට ද එකඟ වෙමින් අවසන් විය.
2020-11-22 21:32:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ මුලික ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක - 07 යටතේ පාඨමාලාව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලිය සහ පුහුණු නිදර්ශනය අද (22) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රදානත්වයෙන් කොත්මලේ ප්‍රදේශයේදී පැවැත්විණි.