2021-01-13 05:45:32
යුද්ධ හමුදාවට නැවුම් ආහාර (අමු සලාක) සහ වියළි සලාක සපයන සැපයුම්කරුවන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතර විශේෂ සාකච්ඡාවක් යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් අඟහරුවාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.
2021-01-07 14:50:16
අතිගරු ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්ය යථාර්තයක් බවට පත් කරමින්, රටේ කෘෂිකර්මික අංශය නව මඟකට ගෙනයන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය විසින් බ්‍රහස්පතින්දා (07) දින නව කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ස්ථාපිත කරන ලදී.
2021-01-07 13:32:17
දශක අටකට ආසන්න ඉතිහාසයකට උරුම කම් කියන ශ්‍රී ලංකා සංඥා බලකායේ ඉතිහාසය ලියවුණු ‘නිහඬ වීරයන්’ ග්‍රන්ථය එළිදැක්මේ උත්සවය බදාදා (06) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැති අතර එම ග්‍රන්ථයේ නව පිටපත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පිළිගැන්විය.
2021-01-05 10:29:55
පසුගිය වසරේ ඇඟලුම් කර්මාන්තයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වයට බාධාවක් එල්ල කරමින් ඇඟලුම් කර්මාන්තයේ සේවකයින් අතර සීඝ්රයෙන් ව්‍යාප්ත වූ කොව්ඩ්-19 වෛරසයේ දෙවන රැල්ල පාලනය කරගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම පිළිබඳ කාර්ය සාධක බලකායට ස්තූතිය පුද කිරීමේ වෙනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ සභාපති ඒ. සුකුමාරන් මහතා ඇතුළු ප්රමුඛ පෙළේ නියෝජිත පිරිසක් සඳුදා (04) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.
2021-01-01 22:38:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර අද (01) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ජාතික රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. එම අවබෝධතා ගිවිසුමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අත්සන් තැබුහ.
2020-12-31 23:53:26
මෙම ලැබුවාවු 2021 නව වසර ඔබ සැමට රෝබියෙන් තොර සෞඛ්‍ය සම්බන්න, සෞභාග්‍ය හා ප්‍රීතිමත් නව වසරක් වේවායි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කරයි !
2020-12-29 18:05:19
ජෙනරල් නිලයට උසස්වීම් ලද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය සමඟ එක්ව උඳුවප් පොහෝය (29) දින මහනුවර ශ්‍රී දළඳා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගත්හ.
2020-12-27 21:00:41
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නව ඉදිකිරීම් සහ සුභසාධන ව්‍යාපෘති කිහිපයක සමාරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය එම රෙජිමේන්තු භටපිරිස් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.
2020-12-24 23:03:07
ජාතියක් වශයෙන් එක්සත්ව, සෞඛ්‍යාරක්ෂිතව නිවසෙහිම රැඳෙමින් ඉවසිලිමත්ව ගෙවෙන සෞභාග්‍යමත් නත්තලකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සියලු නිලධාරින් සහ සෙසු නිලයින් වෙත ප්‍රර්ථනා කරයි.
2020-12-24 10:18:07
ලෝවැසි දන හට ප්‍රීතිය හා සාමය රැගෙන උපන් ජේසුස් බිළිඳුන්ගේ උපත සිහි කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් මෙම වසරේ නත්තල් සැමරුම් ඉතා චාම් අන්දමින් යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ඉතා වැදගත්කමක් එක්කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනාවකට අනුව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී විය.