2021-09-12 20:07:25
යුද්ධ හමුදා භටපිරිස් විසින් දියත් කරනු ලබන දියකාවා යුද අභ්‍යාසයේ තවත් එක් පුහුණු අදියරක් ඉකුත් ඉරිදා (12) දින කොළඹ වරාය පරිශ්‍රයේ දියත්කරනු ලැබු අතර, එහිදි නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන් (East Asian Liberation Fighters') සමඟ යුද්ධ හමුදා භටපිරිස් දියත් කළ ඉතා සැලසුම් සහගත ක්‍රියාන්විතයකින් අනතුරුව වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ සිර කරගෙන සිටි කොන්කෝඩියා හි ධීවර හා වරාය ඇමතිවරයා සතුරන්ගෙන් මුදවා ගැනීමට භටපිරිස් සමත්වූහ.
2021-09-08 15:22:43
ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී රන් පදක්කමක් සමගින් නව ලෝක වාර්ථාවක් පිහිටවූ දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කම් දිනා ගත් දුලාන් කොඩිතුවක්කු ඇතුලු ක්‍රීඩකයින් දිවයිනට පැමිණීමෙන් පසු අද (8) දින නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ගරු සේනුක විදානගමගේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ අමාත්‍යංශ නිලධාරීන් පදක්කම්ලාභීන් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමග සුහඳ පිළිසඳරක නිරත වූහ.
2021-09-05 16:19:52
නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල නව ගොඩනැගිලි සංකීර්ණය සහ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය අද (05) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
2021-09-02 16:48:54
පනාගොඩ පිහිටි ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල මහල් 5 කින් සමන්විත නව නිලධාරී නිවස්න සංකීර්ණය අද (02) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී විවෘත කෙරිණි.
2021-08-30 15:41:30
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත කොවිඩ්-19 වෛරසය ආසාදිත භික්ෂුන් වහන්සේලාට ප්‍රතිකාර සිදුකිරීම සඳහා ස්ථාපනය කළ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය මහා සංඝරත්නය වෙත පූජාකිරීමේ උත්සවයේදී...
2021-08-28 10:12:12
චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව වෙත පරිත්‍යාග කළ සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා 300,000 ක් අද (28) දින අලුයම දිවයිනට පැමිණියේය. ඒ සමඟ මහජන එන්නත්කරණය සඳහා ද තවත් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.
2021-08-26 16:14:18
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැනට පවතින වාට්ටු ප්‍රමාණය වැඩිකිරීමේ අරමුණින් සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් එම රෝහලේ මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලේ තවත් වාට්ටු තුනක් ස්ථාපනය කරන ලදී.
2021-08-20 10:55:31
ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජපානයේදී අගෝස්තු මස 24 දින සිට සැප්තැම්බර් මස 5 දින දක්වා පැවැත්වීමට නියමිත ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලිය - 2020 සඳහා සහභාගිවීමට නියමිතව ඇත. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ක්‍රීඩකයින් 7 දෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් මෙවර තරඟාවලියට සහභාගි වේ.
2021-08-17 19:17:35
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ සංග්‍රාමික වැඩමුළුවක් සඳහා සහභාගී වීම සඳහා දිවයිනට සපැමිණි බංගලාදේශයේ ‘මිර්පූර්’ (Mirpur) පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මොහොමඩ් ජුබයර් සලෙහින් (Major General Mohammed Jubayer Salehin) ඉකුත් සදුදා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවීය. එහිදි බංගලාදේශ සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පවතින ද්විපාර්ශවික සබඳතා පිළිබද සාකච්ඡා කළේය.
2021-08-12 13:39:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්යක්ෂ මණ්ඩලය, සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය හා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ බ්‍රිගේඩියර් චන්දන අරංගල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව බස්නාහිර පළාත...