2022-07-29 18:14:07
ඉපැරණි සම්ප්‍රදායන් අනුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාව මගින් වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහැර මංගල්‍යයට ගෞරවයක් ලෙස, පෙරහැර විදී සංචාරය කරන මාර්ග ආලෝකමත් කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව වෙත යුද්ධ හමුදාව විසින් අඛන්ඩව 9 වන වරටත් කොප්පරා ටොන් 15 ක ප්‍රමාණයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් අද (29) දින පැවැත්වූ උත්සවයකදී දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා වෙත පිළිගන්වන ලදී.
2022-07-29 09:50:00
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී ජානකී ලියනගේ මැතිණියගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (28) දින පැවති උත්සවයකදී නාරාහේන්පිට මැනිං ටවුන් හි ස්ථාපිත යුද්ධ හමුදා විවාහක නිවාස සංකීර්ණ පරිශ්‍රයේ ඉදිකරන ලද ‘Seva Vanitha Budget Centre’ සංකීර්ණය යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විවෘත කරන ලදී. මෙමගින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු තව දුරටත් පහසු වනු ඇත.
2022-07-23 21:39:18
කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය නව සන්දිස්ථානයක් සනිටුහන් කරමින්, මීට වසර කීපයකට පෙර එම මූලස්ථාන පරිශ්‍රයේ අහඹු ලෙස සිදුවූ පිපිරීමක් හේතුවෙන් විනාශයට පත් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය නවතමයෙන් ඉදිකරන ලද අතර, එය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෙනසුරාදා (23) දින සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ එම මූලස්ථානයේ හමුදා සාමාජිකයින් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
2022-07-15 21:51:19
පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ පසුගිය බදාදා (13) දින ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයෙහි රාජකාරියේ නිරතව සිටියදී තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසීම සඳහා, අද (15) දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැඩබලන අතිගරු ජනාධිපති ලෙස දිවුරුම් දුන් ගරු රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2022-07-15 16:14:24
පසුගිය සති දෙක තුළ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අභියෝගාත්මක රාජකාරීන්හී නියැලෙමින් ඔවුන් වෙත පැමිණි තර්ජන නොතකා කැපවීමෙන් කටයුතු කරනු ලැබූ අතර පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ පසුගිය දා ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසීම සඳහා අද (15) දින උදෑසන ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සමඟින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ කොළඹ යුද්ධ හමුදා රෝහලේ සංචාරයක නිරත විය.
2022-07-15 00:40:30
පාර්ලිමේන්තු සංකීර්ණය අසල පසුගිය බදාදා (13) දින පැවති අරගලයේදී විරෝධතාකරුවන් විසින් අමානුෂික අයුරින් පහරදීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින පස්වරුවේ කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රය වෙත පැමිණියේය. එම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහ යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්යක්ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර ද එක්විය.
2022-07-01 09:27:52
අන්තර් රෙජිමේන්තු දැල්පන්දු කණ්ඩායම් ශූරතාවලිය - 2022 අවසන් මහා තරගය බ්‍රහස්පතින්දා (30) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත් වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි විය. මෙම තරඟාවලිය 2022 ජූනි මස 22 සිට 2022 ජූනි මස 30 දක්වා කණ්ඩායම් හතක සහභාගීත්වයෙන් පැවැත්විණි.
2022-06-18 19:01:12
සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී අද (18) දින පෙරවරුවේ පැවති හමුදා සම්ප්‍රදායානුකූල උපහාර උත්සවයකදී පසුගිය දා යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි ආරම්භ කළ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 26 හී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.
2022-06-17 12:29:53
ජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් තවත් විශාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බ්‍රහස්පතින්දා (16) දින යුද්ධ හමුදා හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව ස්ථාපිත කරන ලදී. මෙම කමිටුව තුලින් දිවයින පුරා ඇති වගා නොකල අතහැර දමා ඇති රජයේ ඉඩම් අක්කර 1500 කට අධික ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු වලට යොදාගනිමින් දිවයිනේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
2022-06-16 18:36:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස පසුගිය දා රාජකාරි භාරගත් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ප්‍රථම වරට අද (16) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී සියලු නිලයන් අමතමින් එතුමන්ගේ ඉදිරි සැලසුම් සහ සිය දැක්ම පිළිබඳ පැහැදිලි කරන ලදී.