2022-09-16 18:16:09
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය අසල අක්කර 12 ක භූමි ප්‍රමාණයක අස්වැද්දූ කුඹුරු යායේ වී අස්වනු නෙලීමේ ‘රන් අස්වනු නෙලීමේ මංගල්‍යය’ අද (16) දින සම්ප්‍රදායානුකූල චාරිත්‍ර සහ ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් සිදුකරනු ලැබූ අතර, එම උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
2022-09-08 19:46:34
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාන්විතයන් සඳහා නව පරිච්ඡේදයක් එක් කරමින් යුද්ධ හමුදාව වෙතින් පවත්වනු ලැබූ ජාත්‍යන්තරව පිළිගත් මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ උසස් ප්‍රමිතීන්ගෙන් සමන්විත පාඨමාලාව හැදෑරූ කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන් 54 දෙනෙකුගෙන් සමන්විත ප්‍රථම කාන්තා කණ්ඩායම වෙත අද (08) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ...
2022-09-05 14:15:32
ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 78 වන සංවත්සර දිනය පසුගිය ඉරිදා (4) දිනට යෙදී තිබූ අතර එම සැමරුම් උත්සවය අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
2022-08-27 18:52:15
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනයෙහි පසුගිය සිකුරාදා (26) දින නිල සංචාරයක නිරත විය. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම මූලස්ථානයේ භටපිරිස් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2022-08-22 18:20:48
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්රධානෝත්සව වැඩසටහන මගින් ඉකුත් සඳුදා (22) දින යුද්ධ හමුදා රණවිරු පවුල්වල දූ පුතුන් 91 දෙනෙකු සඳහා රුපියල් 25,000/= බැගින් මූල්‍ය ශිෂ්‍යත්ව පිරිනැමිම සඳහා කටයුතු සූදානම් කර ඇති අතර, උසස් අධ්‍යාපනය සඳහා එම සිසුන් දිරිමත් කිරිමේ අරමුණින් මෙම ශිෂ්‍යත්ව ඔවුන් වෙත ප්‍රධානය කිරීමට සූදානම් කරන ලදී.
2022-08-22 18:17:14
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 542 බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ කාලසීමාව තුළ එම බලප්‍රදේශය තුළ එතුමන්ගේ උපදෙස් මත දියත් කළ ව්‍යාපෘතීන් සිඇසින් දැකගැනීමේ අරමුණින් ඉකුත් සෙනසුරාදා (20) දින එහි සංචාරයක නිරත විය. එහිදි විකුම්පුර ආදර්ශ ගම්මානයේ ගම්වැසීන් හමුවූ යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් සමග සුහඳව අදහස් හුවමාරු කරගත්තේය. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කරනු ලැබු මෙම නිවාස ව්‍යාපෘතිය විකුම්පුර ආදර්ශ ගම්මානය නමින් නම්කරන ලදී.
2022-08-19 21:02:16
යුද, නාවික සහ ගුවන් හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු අද (19) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවී එම නිලධාරීන් තිදෙනා විසින් සම්පාදනය කරන ලද “Volunteers from Ceylon WWs 1 & 2” යන ග්‍රන්ථයේ පිටපතක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී.
2022-08-15 18:21:31
යුද්ධ හමුදා ඒකකයන් වෙතින් යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සපයනු ලබන යටිතල පහසුකම් සහ ආහාරපානවල ගුණාත්මකභාවය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය ඉරිදා (14) දින යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලය, රත්මලානේ පිහිටි යුද්ධ හමුදා අතරමැදි කඳවුර සහ 4 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කඳවුරේ ප්‍රථම නිල සංචාරය සිදුකළේය.
2022-08-09 15:21:25
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති ලෙස පසුගිය දා රාජකාරි භාරගත් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අඟහරුවාදා (09) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.
2022-08-05 11:20:52
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ක්‍රීඩා උළෙල, 23 වන අන්තර් රෙජිමේන්තු යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය සහ අන්තර් රෙජිමේන්තු ආධුනික ක්‍රීඩා උළෙල - 2022 ත්‍රෛපාර්ශ්වික ඒකාබද්ධ ක්‍රීඩා උළෙලෙහි අවසන් මහා තරඟ සහ ත්‍යාග ප්රදානය කිරීමේ උත්සවය අද (04) දින පස්වරුවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.