02nd December 2017 14:29:17 පැය
අයහපත් කාලගුණයත් සමඟ පසුගිය දින කිහිපය තුල අදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇතිවු හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත් ප්‍රදේශයන්හි සෝදිසි මෙහෙයුම් යුද්ධ හමුදාව විසින් ආරම්භ කර ඇති අතර, යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට වැඩි පිරිසක් මේ වනවිටත් ප්‍රදේශයන්හි ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් වල නිරතව සිටියි.
02nd December 2017 13:29:17 පැය
එක්සත් ජාතින්ගේ සංවිධානයට සාමය ස්ථාපිත කිරීම සඳහා භට පිරිස් ලබාදෙන රටක් වශයෙන් වර්තමානයේ දී ලෝක ප්‍රසිද්ධියට පත් වී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තම ජාත්‍යන්තර කිර්තීය තවදුරටත් පතුරවමින් බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශයට....
02nd December 2017 00:15:49 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සිදු කල ප්‍රථම නිල සංචාරය සිකුරාදා (01) දින සිදු වූ අතර, එහිදි ඉතා ඉහළින් යුද්ධ හමුදාධිපති තුමන් පිළිගනු ලැබීය.
30th November 2017 20:06:10 පැය
යාපනය දිස්ත්‍රික්කයේ මහජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ඉල්ලීමට සුභවාදි ප්‍රතිචාරයක් ලෙස ආරක්ෂක සේනා මුල්ස්ථානය - යාපනය මේ බ්‍රහස්පතින්දා (30) ජේ/224 වාසවිලාන් ග්‍රාම නිලධාරි වසමෙහි පලාලි යුද හමුදා ජනපදයට ආසන්නයේ පිහිටි රෝමානු කතෝලික මිශ්‍ර පාසල හා මේරි කාමේල් මව්තුමියගේ දේවස්ථානය ඇතුළු අක්කර 29 ක බිම් කොටස් ජනතා අයිතියට පත් කරන ලදි.
30th November 2017 20:04:09 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, බ්‍රහස්පතින්දා (30) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රථම නීල ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කල අතර, එහිදි කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
30th November 2017 20:02:38 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනනින් පසුගිය පැය 24 ක කාලය තුළ ඇතිවු සුළි කුණාටු හේතුවෙන් පීඩාවට පත්ව ඇති ප්‍රදේශයන් හී ආපදා සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වල බ්‍රහස්පතින්දා (30) දින සන්ධ්‍යාව වනවිටත්නිරතව සිටියි.
30th November 2017 16:25:49 පැය
ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නව මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මත් මහතා අද (29) දින සන්ධ්‍යාවේදි යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම හමුවිමේදි පකිස්තාන නව මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මත් මහතා හට සිය සුභ පැතුම් එක් කල යුද්ධ හමුදාධිපතිවරයා දෙරට අතර හමුදාමය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කීරීම සම්බන්ධව සාකච්ඡා කරන ලදී.
30th November 2017 09:38:51 පැය
සමාජ සවිබල ගැන්විම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාරයක් ලෙස නව පත්වීම් ලද සමෘද්ධි සංවර්ධන නිලධාරින් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ඉතා විධිමත්ව සංවිධානය කරන ලද නායකත්ව පුහුණු පාඨමාලාව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණෙයන් දිවයින පුරා......
30th November 2017 08:44:09 පැය
දුම්රිය දෙපාර්තමේන්තුවේ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්මධ්යම ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට වැඩි පිරිසක් විසින් ඊයේ (29) උදෑසන බදුල්ල දිස්ත්‍රික්කයේ ඔහිය සහ ඉදල්ගස්සින්න අතර දුම්රිය මාර්ගය අවහිර කරමින්කඩා වැටි තිබූ පස් කන්ද ඉවත්කිරීමට කටයුතු කරන ලදි.
30th November 2017 08:42:57 පැය
කමාන්ඩෝ පුහුණු පාඨමාලා අංක 46 සාර්ථකව හදාරා නිමකළ කමාන්ඩෝ නිළධාරින් 13 ක් සහ කමාන්ඩෝ සෙබළුන් 337 ක විසිරයාමේ පෙළපාලිය සෙනසුරාදා (25) දින ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදි පැවැත්විණ. මෙම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ප් නුගේරා ගේ ආරාධනයෙන්.....