12th September 2018 14:49:37 පැය
යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් හා සිවිල් වැසියන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ඇතිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය යාපනය අර්ධද්වීපයේ පිහිටා ඇති 51 වන සේනාංක මුලස්ථානය, 551 සහ 521 වන බලසේනා මුලස්ථාන, 4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා පුහුණු පාසල,....
11th September 2018 18:57:09 පැය
‘දියකාවා’ ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ හයවැනි දිනය වන අද (11) දින උදෑසන කල්පිටිය, නන්දතිව් දුපතේ ත්‍රස්ථවාදීන් විසින් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා සිටිනු ලබන විදේශිකයන් දෙදෙනෙකු බේරාගැනිමේ ආදර්ශ පුහුණු මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
09th September 2018 22:33:39 පැය
උතුරු කොළඹ, මුතුරාජවෙල මුහුදු වෙරළ තීරයේ තෙල් කාන්දුවීමක් හේතුවෙන් එම වෙරළ තීරය අපවිත්‍ර වී ඇති අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් පරිදි 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය නියෝජනය කරමින් යුද්ධ හමුදා භට පිරිස් අද....
09th September 2018 22:29:22 පැය
‘දියකාවා’ ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ සිව්වැනි දිනය වන අද (9) දින උදෑසන වැලිකන්ද දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආදර්ශ පුහුණු මෙහෙයුමක් ක්‍රියාත්මක කල අතර එහිදී දුම්රිය ස්ථානය වෙත පැමිණි දුම්රියේ දුම්රිය මැදිරියක් තුල කැරළිකරුවන් දෙදෙනෙකු සැඟව පැමිණි ඇති බවට හමුදා බුද්ධි අංශ වෙත ලැබු තොරතුරක් අනුව භට පිරිස් ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව ආදර්ශ පෙරහුරුවක් පවත්වන ලදී.
09th September 2018 10:05:28 පැය
‘දියකාවා’ 9 වන ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය සැප්තැම්බර් මස 6 වන දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ වු අතර සහභාගිවන විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරික්ෂකයින් සඳහා සෙනසුරාදා (8) දින යුද අභ්‍යාසයේ අධ්‍යක්ෂක හා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන විසින් මෙම ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය පිළිබඳ සවිස්තරාත්මක දේශණයක් පවත්වන ලදී.
07th September 2018 20:58:14 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ සහ 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් 02 ක් සහ 35 දෙනෙකුගෙන් යුද්ධ හමුදා සාමාජිකයන් සමන්විත කණ්ඩායමක් විසින් අද (7) දින දහවල් කාලයේදී කොළඹ 2, බේබෲක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ඇතිවු හදිසි ගින්න පාලනය කිරිම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.
06th September 2018 22:26:27 පැය
සේවා අවශ්‍යතා සඳහා යුද්ධ හමුදාව විසින් මෙතෙක් භාවිතා කරන ලද යාපනය, වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තවත් ඉඩම් අක්කර 4.4 ක භූමි ප්‍රමාණයක් අදාළ පාසල් බලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් වෙත හිමිගැන්විම බ්‍රහස්පතින්දා (06) දින මයිලඩි හි පැවති කෙටි උත්සවයක දී සිදු කරන ලදී.
06th September 2018 22:22:57 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නවවන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර IX – 2018’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2500 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු ඇතුළු විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්ෂකයින් 100 කගේ සහභාගිත්වයෙන් සිකුරාදා (07) දින සිට නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු මැද පළාත් ආවරණය කරමින් පැවැත්වීමට නියමිතය.
05th September 2018 22:34:43 පැය
රුසියාවේ මොස්කව් නුවර ‘Spasskaya’ කුළුණ පරිශ්‍රයේ පවත්වන ලද ජාත්‍යන්තර සන්නද්ධ හමුදා සංගීත සැණකෙළිය සඳහා එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, මියන්මාරය, ඊශ්‍රායලය, ඉතාලිය, ඕමානය, මොනැකෝ රාජ්‍ය, රුසියාව, ෆින්ලන්තය සහ මෙක්සිකෝව වැනි රටවල් 11 ක් නියෝජනය කරමින් සන්නද්ධ හමුදා තුර්ය වාදක කණ්ඩායම් 40 ක්...
05th September 2018 02:34:43 පැය
නායකත්වය සහ ධනාත්මක චින්තනය වැඩිදියුණු කිරීමේ අරමුණින් බැංකු නිලධාරීන් 1500 ක කණ්ඩායමක් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා පුහුණු පාසල් 6 ක දී සඳුදා (03) දින නායකත්ව පුහුණු වැඩමුළු පවත්වන ලදි. ලංකා බැංකු බලධාරීන් විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පාබල පුහුණු මධ්‍යස්ථානය - මින්නේරිය, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු .....