2020-08-14 10:30:06
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගියදා මණ්නකණ්ඩාල් ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් එම විද්‍යාලයේ ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් සමඟ එක්ව ක්‍රියාත්මක කෙරිණි.
2020-08-14 10:16:06
ත්‍රිකුණාමලය ජයසුමනාරාම විහාරස්ථාන පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 22 වන සේනාංකයේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින දියත් කරන ලදී.
2020-08-13 12:30:29
ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ට්‍රැවිස් කොක්ස් (Travis Cox) අද (07) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති...
2020-08-13 12:20:33
යුද්ධ හමුදා මුලස්ථානයේ විදේශ මෙහෙයුම් අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජය වනසිංහ අගෝස්තු මස 12 වන දින ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නිල සංචාරයක නිරතවිය. ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයට සපැමිණි...
2020-08-13 12:18:33
අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිලක් වීරකෝන් නව ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් අගොස්තු මස 8 සිට 12 දින දක්වා සිය බලප්‍රදේශයේ පිහිටි 241 හා 242 වන බලසේනා මුලස්ථාන යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 3 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ ප්‍රථම නිල සංචාරය සිදු කළේය.
2020-08-13 12:17:33
දියතලාවෙහි පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 125 කට අධික පිරිසක් වෙනුවෙන් ඉකුත් අඟහරුවාදා (11) දින ‘ජීවිතයේ යථාර්ථය සහ ආකල්ප සංවර්ධනය’ යන මැයෙන් දේශනයක් ලුතිනන් කර්නල් සමන්ති බණ්ඩාර විසින් පවත්වනු ලැබීණි.
2020-08-13 12:16:33
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින සිය බලප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 4 වන සන්නද්ධ බුද්ධි බලකායේ සංචාරය කළේය.
2020-08-13 12:15:33
යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ඉකුත් සෙනසුරාදා (08) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කළේය.
2020-08-13 12:07:33
පරිත්‍යාගශීලියෙකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදාව විසින් උඩරදැල්ල දමිළ ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ පන්ති කාමරය මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ගේ සුරතින් ඉකුත් සඳුදා (10) දින විවෘත කෙරිණි.
2020-08-13 12:06:51
22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසුරිය ගේ ප්‍රධානත්වයෙන් මූතූර් ප්‍රදේශයේ ආගමික පූජකවරුන්, ප්‍රජා නායකයින් සහ මුස්ලිම් ප්‍රජාවේ වෘත්තිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් බදාදා (12) දින මූතූර් නාධුවා අරාබි පාසලේ දී පැවැත්විණි.