2020-09-15 22:54:52
53 වන සේනාංකයේ 27 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් නිශාන්ත මානගේ ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින දඹුල්ල ඉනාමළුව පිහිටි 53 වන සේනාංක මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හා හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරි කටයුතු භාරගනු ලැබිණි.
2020-09-15 22:52:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ 14 වන සේනාවිධායක ලෙස කර්නල් එච්.ඒ. කීර්තිනාත් ඉකුත් සෙනසුරාදා (12) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති චාම් උත්සවයකදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය. නව ධූරයේ රාජකාරී කටයුතු භාරගැනීම සඳහා සපැමිණි නව සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීණි.
2020-09-15 22:50:49
53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න එම ධූරයෙන් නික්ම යෑම සනිටුහන් කරමින් ඉකුත් සදුදා (14) දින දඹුල්ල ඉනාමළුව පිහිටි 53 වන සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාරය පුදකරනු ලැබීය.
2020-09-15 22:39:54
අභිනවයෙන් රාජකාරි ආරම්භ කළ 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කිත්සිරි ලියනගේ ඉකුත් සිකුරාදා (11) දින සිය ප්‍රථම නිල සංචාරය වශයෙන් සිය බලප්‍රදේශයේ පිහිටි 522 වන බලසේනාවේ, 7 වන සහ 15 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු කඳවුරු වල සංචාරය කරනු ලැබීය.
2020-09-15 22:38:49
58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රි යංකර ප්රතනාන්දු ගේ සංකල්පයකට අනුව ළමා අපයෝජන, නෛතික අංශ සහ සමාජීය බලපෑම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැසටහනක් පුත්තලම 58 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රවයේදී ඉකුත් සෙනසුරාදා (12) දින පැවැත්විණි.
2020-09-15 20:40:05
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රන්දුල හත්නාගොඩ වෙත ඉකුත් ඉරිදා (13) දින එම සේනාංකයේ භටපිරිස් විසින් කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාර පිරිනැමීමෙන් අනතුරුව එතුමන්ගේ වටිනා සේවා කාලය පිළිබඳ ඇගයීමට ලක් කරමින් එතුමන් වෙත කෘතඥතාවය පළ කරනු ලැබීය.
2020-09-15 20:00:05
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්මයාමට නියමිත ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපති මේජර් ජෙනරල් ලක්ෂ්මන් ප්‍රනාන්දු ඉකුත් බදාදා (9) දින පලාලි පිහිටි 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සංචාරයක නිරතවිය.
2020-09-15 19:40:05
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘බේකරි නිෂ්පාදන’පිළිබඳ දැනුවත් කිරීමේ පාඨමාලාවක් රාජගිරියේ පිහිටි ප්‍රීමා පුහුණු මධ්‍යස්ථානයේදී ඉකුත් සිකුරාදා (11)දින ආරම්භ කරන ලදී.
2020-09-15 17:46:42
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය වෙත ලබාදුන් උපදෙස් මත ‘සිරස එෆ්.එම්. නිවාස’ ව්‍යාපෘතිය යටතේ බුත්තල, යුදගනාව ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස්හි තාක්ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් ඉදිකෙරිණි.
2020-09-15 15:46:42
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ සම්බන්ධීකරණයෙන් යුතුව ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පියෙකු වන ධනංජය බණ්ඩාර මහතා සිය ජන්ම දිනය නිමිත්තෙන් ඉකුත් සිකුරාදා (11) දින අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන්ට ප්‍රණීත දිවා ආහාර වේලක් පිරිනමන ලදී.