2019-01-24 15:52:39
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු බළලත් නිලධාරීන් සහ සැරයන්වරුන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරනු ලැබු දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් බදාදා (23) දින පැවැති කෙටි උත්සවයකදී විවෘත කරන ලදී.
2019-01-24 15:43:31
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් අඟහරුවාදා (22) දින පූනරීන් පිහිටි කිලිනොච්චි ඥාණිමඩම් විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් දියත් කළහ.
2019-01-24 15:20:05
කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි හැරිදාස් පෙර පාසලෙහි බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 15 දෙනෙකු විසින් සඳුදා (21) දින එම පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරිම සඳහා සිය ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී.
2019-01-22 20:40:33
මූලතිව් ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත්වූ පිරිස් පිළිබඳ සිය අවධානය යොමු කරමින් සිසුන් 220 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුවරුන් සහ සිසුන් විසින් බදාදා (16) දින මූලතිව් චෙම්මලෙයි මහා විද්‍යාලයේ දී බෙදාදෙන ලදී. සහෝදරත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ තවත් එක් පියවරක්....
2019-01-22 10:40:33
කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව උසස්වීම් ලැබු 14 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් චූලා අබේනායක වෙත හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව මේජර් ජෙනරාල් චූලා අබේනායක රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර්...
2019-01-21 16:37:00
රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන් සිදු කළ අප්‍රතිහත කැප කිරීම් ආවර්ජනය කරමින් විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකය විසින් එම රෙජිමේන්තුවට අයත් රට වෙනුවෙන් දිවිපිදු, රණක්ෂිතයට පත් සහ සේවයේ නියුතු රණවිරුවන්ගේ....
2019-01-21 15:50:00
තෛපොංගල් උත්සවයට සමගාමීව මූලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධිරිද්ම සංගීත කණ්ඩායම සහ නර්තන කණ්ඩායම විසින් වර්ණවත් සංගීත ප්‍රසංගයක් සෙනසුරාදා (19) දින මූලතිව් මහජන ක්‍රීඩාංගනයේ දී පැවැති අතර ඒ සඳහා නෙස්ලේ ලංකා පෞද්ගලික සමාගමේ අනුග්‍රහකත්ව හිමිවිය. තවද රාත්‍රීය පූරා පැවැති මෙම සංගීත ප්‍රසංගය සාර්ථක කරගැනීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය විසින් අවශ්‍ය....
2019-01-21 15:37:00
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ සංකල්පයකට අනුව බම්බලපිටිය රාජා ජුවලර්ස් පුද්ගලික සමාගම සමඟ සහයෝගීතාවයෙන් මැදව්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුල්එලිය ගම්මානයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකරදීම කඩිනමින් සිදුකෙරෙමින් පවතී. ඒ අනුව, 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ ගේ අධීක්ෂණය යටතේ...
2019-01-21 14:37:00
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්, කොමිෂන් නොලත් නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පවුල් 28 ක සමාජිකයින් 136 ක පමණ පිරිසක් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පයකට අනුව අනුරාධපුරය, මන්නාරම, තලෙයිමන්නාරම, මිහින්තලය, තන්තිරිමලේ සහ මඩු යන ප්‍රදේශයන්හි...
2019-01-21 14:30:07
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ 11 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන සඳුදා (14) දින පැවැති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කළහ. මූරුකණ්ඩි ප්‍රදේශයේ පිහිටි කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථානය වෙත සපැමිණි නව ඉදිරි නඩත්තු පෙදෙස් ආඥාපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර....