2020-03-13 15:02:32
අනාගත පරපුරට හරිත අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණින්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 515 වන බලසේනාව විසින් ඉකුත් බදාදා (11) දින මාවිඩ්ඩිපුරම් හින්දු කෝවිලේ දී සංවිධානය කළ උත්සවයක්දී තෙලිප්පලෙයි සහ කෝපායි ප්‍රදේශයේ හින්දු කෝවිල් සහ දේවස්ථාන වෙත නොමිලේ පැළ තොගයක් බෙදාදෙන ලදී.
2020-03-13 15:02:31
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ පාලන පරික්ෂාව ඉකුත් අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2020-03-13 15:02:30
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ දැනුම් සීමාව පුළුල් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ අධීක්ෂණය යටතේ පසුගියදා අඹේපුස්ස පිහිටි එම රෙජිමේන්තු මූලස්ථාන නිලධාරී නිවස්න සංකීර්ණයේ ‘ඩයිනර්ස් ක්ලබ්’ හිදී දේශන සැසියක් පැවැත්වීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් කටයුතු සංවිධානය කරන ලදී.
2020-03-13 15:02:29
පූනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටිමට නියමිත සිසු සිසුවියන්ගේ චිත්ත ධෛර්ය වැඩිදියුණු කිරීමේ මනෝ උපදේශන වැඩමුළුවක් 2020 මාර්තු මස 06 වන දින පැවැත්විණි. පූනරීන් මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැති මෙම වැඩමුළුව 661 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ අංශය 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ සම්බන්ධතාවයෙන් සංවිධානය කරන ලද අතර එම වැඩමුළුව 66 වන සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩි. විජේසුන්දර ගේ අධීක්ෂණය යටතේ පැවැත්විණි.
2020-03-13 15:02:28
උඩුවිල්, චුන්නාගම් සහ යාපනය ප්‍රදේශයේ ළමා නිවාසවල නේවාසිකව ප්‍රතිකාර ලබන විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 31 දෙනෙකු ඔවුන්ගේ ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ පලාලි ගුවන් තොටුපලෙහි ක්‍රියාකාරීත්වය නැරඹීම සඳහා ඉකුත් බදාදා (31) දින පලාලි ගුවන් තොටුපළට පැමිණි අතර එහිදී, ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සපයන ලදී.
2020-03-13 15:02:27
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 13 වන සංවත්සරය බෞද්ධ ආගමික වතිවතාවත්වලට මුල්තැනක් දෙමින් අභිමානවත් අයුරින් පසුගියදා සමරනු ලැබීය. රෙජිමේන්තුවට ආශිර්වාද එක්කරමින් සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣානාවක් පවත්වා මාර්තු මස 07 වන දින දානමය පිංකමක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2020-03-12 23:50:17
අයි.ටී.එන් රූපවාහිනී විශේෂාංගයක් වන ‘සංවාදය’ ඉකුත් අඟහරුවාදා (10) දින සන්ද්‍යාවේ ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඒ.වන්ද්රසිරී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෙද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග...
2020-03-12 20:41:04
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් මත යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ පූර්ණ සහයෝගය ඇතිව යුද්ධ හමුදා සේවා වනිතා...
2020-03-11 10:50:50
අනුරාධපුර පිහිටි වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය මෙන්ම ඒ යටතේ ඇති 21 වන සේනාංක මූලස්ථානය එක්ව අඛණ්ඩව පවත්වනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියන්හී තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන්...
2020-03-11 10:17:08
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් හා එක්ව සහයෝගීත්වයෙන් රට තුළ මාරාන්තික ‘කොවිඩ් -19’ (කොරෝනා වෛරසය)...