2020-08-09 12:51:22
දිවංගත රණවිරු සෙන්පති ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 28 වන ගුණසැමරුම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් අද (8) දින සන්ධ්‍යාවේ අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි එතුමන් ගේ ප්‍රතිමාව ඉදිරියේ පැවැත්විණි.
2020-08-09 12:51:12
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ඉකුත් සෙනසුරාදා (08) දින ඉදිරි නඩත්තු පෙදෙස මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරය සිදුකරනු ලැබීය.
2020-08-09 12:50:35
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් යාපාගේ මඟපෙන්වීම යටතේ මෙහෙයුම් සංකල්ප, නව උපායමාර්ගික ප්රවේශයන් සහ අපේක්ෂිත ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා යුද්ධ හමුදා නිලධාරීන්ගේ විශ්ලේෂණාත්මක චින්තනය හා නිපුණතාවය වර්ධනය කිරීමේ දෙවන වැඩමුළුව ඉකුත් සිකුරාදා (07) දින 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 573 බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි. ඒ සඳහා 571 හා 573 වන බලසේනාව, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 3 වන ගජබා රෙජිමේන්තුව සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.
2020-08-09 12:50:21
අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් තිලක් විරකෝන් ඉකුත් සෙනසුරාදා (07) දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැවති උත්සවයකදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
2020-08-09 12:50:09
යාපනය කලාප සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ඉල්ලීමකට අනුව, යාපනය අර්ධද්වීපයේ පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර, විකිරණ ක්‍රියාපටිපාටි සහ චිකිත්සක අවශ්‍යතා සඳහා තෙලිප්පලේ පිළිකා රෝහල් පරිශ්‍රයේ නව නේවාසික ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයට අනුයුක්ත යුද්ධ හමුදා සාමාජිකයින් සිය සහයෝගය ලබාදී තිබුණි.
2020-08-09 12:48:26
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ඉකුත් සිකුරාදා (07) දින පූනරින් ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංකයේ සහ ඒ යටතේ ඇති බළඇණිවල නිළ සංචාරයක නිරත විය. අනතුරුව, එම සේනාංක මූලස්ථානය වෙත සපැමිණි කිළිනොච්චි ආඥාපතිතුමන් 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත කොඩිතුවක්කු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර ප්‍රධාන දොරටුව...
2020-08-09 12:40:20
තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි 65 වන සේනාංක මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රවාහන අංශයේ රථවාහන අංගනය, ‘ආපන ශාලාව’ සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලේ වාහන නඩත්තු කිරීමේ කටයුතු වෙනුවෙන් ඉහළට ඔසවා තැබෙන ස්ථානය (වාහන බෑවුම) ඉකුත් අඟහරුවාදා (04) දින 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර ගේ සුරතින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
2020-08-08 17:54:03
ගත වූ පැය 24 ක කාලසීමාව තුළ එක් කිසිදු කොවිඩ් - 19 ආසාදිත රෝගියෙකු මෙරට තුලින් වාර්තා වී නොමැති අතර අද (8) දින පෙරවරු 06.00 වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින මුළු ආසාදිත රැඳවියන්ගේ සංඛ්‍යාව 604 ක් වේ...
2020-08-06 22:24:08
නාගරික වනාන්තර, හරිත මාර්ග, හරිත ආවරණ සහ කෘෂි වන වගා පද්ධති ස්ථාපිත කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක...
2020-08-06 22:23:39
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ලබාදුන් උපදෙස් මත පලාලි ප්‍රදේශය ආශ්‍රීතව තවත් රුක් රෝපණ ව්‍යාපෘතියක් ඉකුත් අඟහරුවාදා (06) දින දියත් කිරීමට පරිසරය සුරැකීම වෙනුවෙන් කැපවූ යාපනයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් කටයුතු කළහ.