2021-01-11 17:20:11
12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සිය ධූරයෙන් සමුගැනීමේ උත්සවය ඉකුත් අඟහරුවාදා (12) දින හම්බන්තොට, නගරවැව පිහිටි එම සේනාංක මුලස්ථානයේ දී පැවැත්විණි. එහිදී, සිය ධූරයෙන් නික්මයන සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.
2021-01-11 17:00:00
ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් මින්නේරියේ ඉදිකළ ‘මිරිදිය පවන’ නිවාඩු නිකේතනය අද (09) දින දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති උත්සවකදී විවෘත කරන ලදී.
2021-01-11 16:45:53
අතිගරු ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්ය යථාර්තයක් බවට පත් කරමින්, රටේ කෘෂිකර්මික අංශය නව මඟකට ගෙනයන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය...
2021-01-11 16:33:53
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 212 වන බලසේනාවේ භටපිරිස්, වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නව නිවස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ තන්තිරිමලේ, තුපිටියාව ප්‍රදේශයේ පදිංචි පවුලක්...
2021-01-10 22:28:00
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් ඉකුත් සිකුරාදා (08) දින...
2021-01-10 21:30:00
කොස්ගම පිහිටි භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් වසන්ත මාදොල සිය ධුරයෙන් නික්ම යාමේ උත්සවය ඉකුත් සඳුදා (11) දින එම මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය සිය ධූරයෙන් නික්ම යන ආඥාපතිතුමන් වෙත පිරීනැමීය.
2021-01-10 21:00:00
අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 569 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ලෙස වාර්ථා වේ.
2021-01-10 20:00:47
යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරල් මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 11 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සේන වඩුගේ රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් ඉරිදා (10) දින සිය පළමු සංචාරය යාන්ත්‍රික පාබල බලසේනාවේ සහ 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිදු කෙරිණි.
2021-01-10 19:22:47
අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 543 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් ලෙස වාර්ථා වේ.
2021-01-10 17:00:47
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ඉකුත් සෙනසුරාදා (09) දින තුනුක්කායි ප්‍රදේශයේ නවතමයෙන් ස්ථානගත 65 වන සේනාංක මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා හා ඒකකයන්හි සංචාරයක නිරත විය.