2021-12-19 12:48:32
පනාගොඩ පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.
2021-12-19 12:37:43
කුණ්ඩසාලේ ස්ථාපිත 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් පී.එස් කල්ප සංජීව පසුගිය බ්‍රහස්පතින්දා (16) දින එම සේනාංක මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-12-18 07:00:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන හරිත වගා ව්‍යාපෘතියට දායකත්වය ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව...
2021-12-18 06:15:44
ශ්‍රී ලංකාවේ පිහිටි මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ තානාපති අතිගරු ක්වයි ෂින්හුන් (HE Qi Zhenhong) මහතා ඉකුත් බදාදා (15) දින උතුරේ සංචාරයක නිරත වූ අතර එහිදි ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නිහිදි එම ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ හමුවි සාකච්ඡාවක නිරත වූහ.
2021-12-18 05:52:44
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් පරිදි එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් සඳහා නායකත්ව කළමනාකරණය, නායකත්ව ලක්ෂණ සහ ප්‍රායෝගික පුහුණු අංගයන් පිළිබඳ එක්දින නායකත්ව පුහුණු වැඩමුළුවක්...
2021-12-16 22:11:41
ධූර කාලය අවසන් කර නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා වෙත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (15) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේදී පවත්වන ලදී. එම කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා...
2021-12-16 21:11:41
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත වාසවිලාන් බලඇණි පුහුණු පාසලේ ප්‍රථම ආධුනික පුහුණු පාඨමාලාව සිංහල, දමිල සහ මුස්ලිම් ආධුනික සෙබළුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සඳුදා (13) දින පැවති උත්සවයක දී ආරම්භ කෙරිණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහභාගී වූවේය.
2021-12-16 20:11:41
කිලිනොච්චි රෝහලේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ලේ බැංකුවේ හිඟවෙමින් පවතින ලේ සංචිත නැවත ප්‍රතිපූර්ණය කිරීමේ අරමුණින් පූනරින් ප්‍රදේශයේ ස්ථානගත 66 වන සේනාංක මූලස්ථානයට අයත් අක්කරායන්කුලම් ප්‍රදේශයේ පිහිටි 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී...
2021-12-16 17:00:43
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර 22 වන ආඥාපති ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි පසුගිය බදාදා (15) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථානයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.
2021-12-16 16:00:43
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඉකුත් අඟහරුවාදා (14) දින සිය ධූරයෙන් නික්ම ගියහ. එහිදි නික්මයන සේනාංකාධිපතිතුමන් වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් කුණ්ඩසාලේ පිහිටි සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.