2023-07-01 21:58:58
කොළඹ යුද්ධ හමුදා රෝහලේ සේවයේ නියුතු භටපිරිස් විසින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත විකිරණ රශ්මි විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරල් එස්.එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (ජුනි 28) දින එම රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
2023-07-01 21:50:51
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ භටපිරිස් මූලිකත්වයෙන් එම විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින් 68 දෙනෙකු සඳහා එක් දින නායකත්ව පුහුණු වැඩසටහනක් උතුරු කොට්ටාව ධර්මපාල විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ජුනි 24) දින පැවැත්වීය.
2023-07-01 21:45:37
අභිනවයෙන් උසස්වීම් ලබා පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන වෙත සපැමිණි 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (ජුනි මස 29) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-06-30 21:42:56
කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව මෙරට කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් දිරිගැන්වීම සහ නඟා සිටුවීමේ අරමුණින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී සංවිධානය කරන ලද ‘කර්මාන්ත - 2023’ කාර්මික ප්‍රදර්ශනය පසුගිය 22 - 25 දිනයන්හිදී පැවැත්විණි.
2023-06-30 21:38:07
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් 250 කට අධික පිරිසක් සහ පේදුරුතුඩුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සමඟ එක්ව සන්කොටෙයි සිට උරනි දක්වා ඇති වෙරළ තීරයේ ගොඩගැසී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය බදාදා (28) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-06-30 21:31:06
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ භටපිරිස් මූලිකත්වයෙන් යාපනය, එළුත්තුමඩුවාල් උතුර, ශ්‍රී ඥානදුර්ගා අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් එම කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (29) දින සිදු කරන ලදී.
2023-06-29 21:44:13
මානුෂවාදී හමුදාවක් ලෙස සහෝදරත්වයේ බැදීම් ශක්තිමත් කරමින් මුලතිව් ප්‍රදේශයේ පිහිටි...
2023-06-29 21:36:07
මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙරපාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ...
2023-06-29 21:31:11
නික්ම යන 54 පාබල සේනාංකයේ...
2023-06-29 21:23:52
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක...