2023-07-05 19:28:42
24 පාබල සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස්වල ඒකාකාරී රාජකාරි රටාවෙන් බැහැරව විනෝදාස්වාදය සහ විවිධත්වය ලබා දීමේ අරමුණින් 24 පාබල සේනාංක මූලස්ථානය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (2023 ජුනි 30) දින අම්පාර සහ නැඟෙනහිර පළාතේ විනෝද චාරිකාවක් සංවිධානය කරනු ලැබීය. ඒ සඳහා සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින්ටද සහභාගී විමේ අවස්ථාව උදාවිය.
2023-07-05 19:20:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී පසුගිය අඟහරුවාදා (ජුනි මස 27) දින කන්තලේ පිහිටි යාන්ත්‍රික ඉංජිනේරු බළසේනාව වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.
2023-07-04 19:43:33
ජනාධිපති මන්ධිරයේ රාජකාරි කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රාජකාරි කාල සීමාව අවසන් වීමෙන් අනතුරුව 2023 ජූලි මස 01 දින සිට මාස 06ක කාලසීමාවක් සඳහා ජනාධිපති මන්දිරයේ ආරක්ෂක රාජකාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් නිල වශයෙන් භාර ගන්නා ලදී.
2023-07-04 19:35:42
64 පාබල සේනාංක භටපිරිස් මූලිකත්වයෙන් ප්‍රදේශයේ සිවිල් ක්‍රීඩා සමාජ සහභාගීත්වයෙන් වොලිබෝල් තරඟාවලියක් සංවිධානය කරන ලද අතර, එහි අවසන් මහා තරඟය රාත්‍රී තරඟයක් ලෙසින් පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 29) දින මුතියන්කඩ්ඩු භාරතී ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
2023-07-04 19:25:17
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (ජුනි මස 30) දින පුදුකුඩිඉරිප්පුහි පිහිටි 64 පාබල සේනාංකය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.
2023-07-04 19:19:03
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන කොළඹ යුද්ධ හමුදා රෝහලේ විකිරණ රශ්මි විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරල් එස්.කේ මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සදුදා (ජූනි 26) දින වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2023-07-03 21:49:23
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මෙරටින් පිටත්ව ගිය 4 වන සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩායම (CCC) රාජකාරී නිමාවෙන් පසුව සදුදා (ජුලි 03) දින දිවයිනට පැමිණියහ.
2023-07-03 21:43:54
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම, ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 29) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-07-02 21:39:41
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බදාදා (ජුනි මස 28) දින භටපිරිස් ඇමතීම සඳහා පුදුකුඩිඉරිප්පුහි පිහිටි 68 පාබල සේනාංකය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.
2023-07-02 21:30:41
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් සඳහා දැනට ක්‍රියාත්මක කරනු ලබන යෝගට් නිෂ්පාදනය කිරීමේ ව්‍යපෘතීන් තව දුරටත් පුළුල් කිරීමේ අරමුණින් දියතලාව, 8 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා කඳවුරු පරිශ්‍රයේ ඉදිකරන ලද ‘යෝගට්’ නිෂ්පාදන මධ්‍යස්ථානය පසුගිය ඉරිදා (ජූලි 02) දින විවෘත කරන ලදී.