2023-07-06 21:56:58
ගැමුණු හේවා බළකායේ බ්‍රිගේඩියර් පී.සී.එල් ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පර්යේෂණ හා සංකල්ප අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (ජූලි 6) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සිය කාර්යාලයේ පැවැති උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී.
2023-07-06 21:50:01
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් භටපිරිස් සම්බන්ධීකරණයෙන් කොළඹ ප්‍රදේශයේ දානපතියන් සහ පරිත්‍යාගශීලීන් පිරිසක් විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රහකත්වය මත ‘විශ්ව බෞද්ධාලෝක’ දහම් පාසලේ සිසුසිසුවියන්ට සහ ‘සිඟිත් දිවිහුරු’ පෙර පාසලේ දරු දැරියන් වෙත පානීය ජල අවශ්‍යතා සඳහා ජල ටැංකි පහක් සහ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් පොත්පත් ඇතුළු පාසල් උපකරණ තොගයක් පසුගිය ඇසළ පුර පසළොස්වක පොහොය දින (ජූලි මස 03) කෝකිලායි ‘ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී’ බෙදාදෙන ලදී.
2023-07-06 21:40:05
පරිගණක මෘදුකාංග පාඨමාලාව, භූමි අලංකරණ තාක්ෂණ ශිල්පී පාඨමාලාව, පරිගණක යෙදුම් සහකාර පාඨමාලා, ඇලුමිනියම් පිළිසකර කිරීමේ පාඨමාලාව, ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් අළුත්වැඩියා කිරීමේ පාඨමාලාව වැනි මාස 6ක් පුරා පැවැත් වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරූ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සහතිකපත් පිරිනැමිමේ උත්සවය ජූනි මස 28 දින රණවිරු සම්පත් මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2023-07-05 20:51:55
චීන බෞද්ධ ප්‍රජාවගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව 24 පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් අම්පාර, මහඔය, බණ්ඩාරදූව සහ ගෝනගොල්ල ප්‍රදේශයන්හි පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 250 ක් අතර රු.5100.00 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වියලි ආහාර සළාක පාර්සල් බෙදා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් එම ප්‍රදේශවල පිහිටි ශ්‍රී ඤාණවිජයලෝක, ශ්‍රී ගෝතම සහ ශ්‍රී විමලාරාම යන විහාරස්ථානයන්හිදී පසුගිය ඉරිදා (ජුලි මස 02) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-07-05 20:44:01
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් පසුගිය සදුදා (ජූලි මස 03) දින හෝමාගම, මාවතගම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වූ බත් දන්සැල සඳහා සහයෝගය ලබාදෙන ලදී. ‘මාවතගම තරුණ කැළ’ සංවිධානය විසින් ‘K.D Construction Pvt. Ltd’ ප්‍රද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව ලබාදුන් බත් දන්සැලෙහි අතුරුපස ලෙස අයිස්ක්‍රීම් දන්සලක්ද පවත්වනු ලැබීය.
2023-07-05 20:31:54
ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලිය - 2023, දීප ව්‍යාප්ත පිහිනුම් ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් ජුනි මස 29 වන දින සිට ජූලි මස 01 වන දින දක්වා සුගතදාස ක්‍රීඩාංගණ පිහිනුම් තටාකයේදී පැවැත්වූහ.
2023-07-05 20:30:54
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ලබාදුන් උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 144 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (සෙව්) ශ්‍රී ලංකා ලංකා පාබල හමුදාවේ නිලධාරියෙකු සහ දස දෙනෙකුගෙන් යුත් භටපිරිසක් එක්ව පසුගිය සෙනසුරාදා (ජුලි මස 01) දින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පවත්වන ලද ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා එක් වූහ.
2023-07-05 20:22:56
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකය යටතේ ඇති 142 පාබල බලසේනාවට අයත් 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවේ භටපිරිස් මීගොඩ වටරැක ශ්‍රී පුණ්‍යාලෝක විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ දාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත්කරනු ලැබීය.
2023-07-05 20:01:56
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි සහ 2 (සෙව්) ගැමුණු හේවා බළකායේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් ගාල්ල සම්බෝධි නිවාසයේ නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 56 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
2023-07-05 19:51:21
කෘෂිකර්මාන්තය සහ නායකත්ව සංවර්ධනය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම සඳහා සංවිධානය කරනු ලබන ‘හරිත නියමු’ ව්‍යාපෘතියෙහි 10 වන වැඩසටහන වාරියපොළ වයඹ පුහුණු ආයතනයේදී පසුගිය සෙනසුරාදා (ජූලි 01) දින පැවැත්වූ අතර, ඒ සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.