2023-11-21 20:55:54
විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූලස්ථානයේ කළමනාකරණ හා නඩත්තු අධ්යක්ෂ ධූරය හෙබවූ බ්‍රිගේඩියර් ඕ.එම්.ඩී. ගුණසිංහ ගේ සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත ගෞරවාචාර
2023-11-21 20:51:22
681 පාබල බලසේනාවේ භටපිරිස් මූලිකත්වයෙන් ‘දීපාවලි’ උත්සවය වෙනුවෙන් උඩයාර්කට්ටු ප්‍රදේශයේ ජිවත් වන අඩුආදායම් ලාභී පවුල් 12 සඳහා වටිනාකම රුපියල් 4500.00 බැගින් වූ අත්‍යාවශ්‍ය වියළි ආහාර සලාක පාර්සල් තොගයක් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 12) දින බෙදාදෙන ලදී.
2023-11-21 20:48:06
11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18 ) දින දඹුල්ල, කිරලගොල්ලේ පිහිටි 4 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රය වෙත ප්‍රථම නිල සංචාරය සිදුකරනු ලැබීය.
2023-11-20 20:33:05
හවායි හි ෆෝට් ෂාෆ්ටර් හි එක්සත් ජනපද පැසිෆික් විධානයෙහි අණදෙන (USARPAC) උපාය මාර්ග සහ සැලසුම් නියෝජ්‍ය අණදෙන ජෙනරාල් - මේජර් ජෙනරල් ක්‍රිස් ස්මිත් (Major General Chris Smith), කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සී. නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson ), මේජර් බෙන්ජමින් ෆ්ලෝර් (Major Benjamin Flores) මේජර් ඕමාර් කැවාලියර් (Major Omar Cavalier) සහ කපිතන් කැට්ලින් පෙනිකුක් (Captain Caitlin Pennicooke) පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී වැඩබලන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
2023-11-20 20:29:24
දමිළ තරුණ තරුණියන් සඳහා ඔඩ්ඩමාවඩි ජාතික පාසලේ පවත්වනු ලැබූ සිංහල භාෂා ඩිප්ලෝමා පාඨමාලාවෙහි සහතිකපත් ප්රදානෝත්සවය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින පැවති අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මඩකලපුව, සිවිල් පුරවැසි කමිටුවේ සභාපතිතුමන්ගේ ආරාධනයෙන් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජී සහභාගී වීය.
2023-11-20 20:26:50
වව්නියාව, ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ රණවිරු ස්මාරකය නොවැම්බර් මස 05 දින විවෘත කරනු ලැබීය.
2023-11-20 20:23:03
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න ආර්එස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 14) දින ගනේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2023-11-20 20:19:41
553 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සමාජ විරෝධී සහ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ආරක්ෂාව වැඩි කිරීමේ සාමූහික උත්සාහයක් වශයෙන් යුද්ධ හමුදාවේ, පොලිසියේ, විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින 55 පාබල සේනාංක මූලස්ථානයේ රැස්වී සාකච්ඡාවක නිරත වූහ.
2023-11-20 20:01:58
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 522 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි ආගමික ස්ථානයන්හි අවශ්‍යතා සපුරාලමින් ජනවාර්ගික සහජීවනය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නංගර ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කඩෙයිකාඩු ශාන්ත මරියා දේවස්ථාන පරිශ්‍රයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-11-20 19:58:07
52 පාබල සේනාංකයට අයත් 522 පාබල බලසේනාවේ භටපිරිස් විසින් මාසයක පමණ කාලයක් පුරාවට සිය දායකත්වය ලබාදීමෙන් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 19) දින කඩෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි ශාන්ත මරියා දේවස්ථානයේ අවසන් විශේෂ දේව මෙහෙය පැවැත්වීය.