Header

Sri Lanka Army

Defender of the Nation

පුවත් විශේෂාංග

  • 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙන් ‘DT 175 cc’ යතුරුපැදි සඳහා නව එන්ජිමක්

    2023-12-23 14:44:01

    5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙන් ‘DT 175 cc’ යතුරුපැදි  සඳහා  නව එන්ජිමක්

    ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් භාවිත කළ නොහැකි තත්ත්වයේ තිබූ ‘DT 175 cc’ යතුරුපැදි සඳහා පර්යේෂණ මට්ටමෙන් ‘Bajaj 150 cc’ එන්ජිමක් භාවිතාකර නවීකරණය කරන ලදී.

  • වාද්දුව 'Casa de la Playa' උත්සව ශාලාව ජනතාව සඳහා විවෘත කරයි

    2023-12-23 14:41:20

    වාද්දුව 'Casa de la Playa' උත්සව ශාලාව ජනතාව සඳහා විවෘත කරයි

    වාද්දූව, ලයා හෝටල් ආහාර සැණකෙළිය පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින ආරම්භ වූ අතර, එම සමාරම්භක උත්සවයේදී ප්‍රතිසංස්කරණය කරන ලද ‘Casa de la Playa’ උත්සව ශාලාව මහජනතාව සඳහා නැවත විවෘත කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

  • මිසයිල අවි පාඨමාලා අංක - 58 සාර්ථකව අවසන්

    2023-12-23 14:37:36

    මිසයිල අවි පාඨමාලා අංක - 58 සාර්ථකව අවසන්

    මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වූ මිසයිල අවි පාඨමාලා අංක - 58 හි සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින පැවැත්විණි.

  • 561 පාබල බලසේනාවේ භටපිරිස් ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සලසයි

    2023-12-23 14:35:30

    561 පාබල බලසේනාවේ භටපිරිස් ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සලසයි

    පුලියන්කුලම දකුණු ග්‍රාමසේවා වසමේ පලේවාඩි වැව පිටාර ගැලීමෙන් ප්‍රදේශයේ මාර්ගයන් ජලයෙන් යටවී ගමනාගමනයට බාධා ඇති විය. එහිදී, 561 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් යුද්ධ හමුදා ට්‍රැක්ටර් රථ භාවිතා කරමින් දෙසැම්බර් මස 19-21 යන දිනයන්හිදී පාසල් ළමුන් සහ සිවිල් වැසියන් ප්‍රවාහනය කිරීමට කටයුතු කළහ.

  • 561 පාබල බලසේනාව 14 වන සංවත්සරය සමරයි

    2023-12-23 14:31:20

    561 පාබල බලසේනාව 14 වන සංවත්සරය සමරයි

    කනකරායන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 561 පාබල බලසේනාවේ අභිමානවත් 14 වන සංවත්සරය, එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ජී බණ්ඩාරනායක යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 07) දින බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

  • වන්නි ප්‍රදේශයේ නව කෘෂි තාක්ෂණික ක්‍රම හඳුන්වාදීම සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය තවදුරටත්

    2023-12-23 14:26:51

    වන්නි ප්‍රදේශයේ නව කෘෂි තාක්ෂණික ක්‍රම හඳුන්වාදීම සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය තවදුරටත්

    වන්නි කලාපයේ ගොවීන් අතර කෘෂිකාර්මික සංවර්ධනය සඳහා විද්‍යාත්මක ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳව සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 19) දින වවුනියාව විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීය. ඒ සඳහා වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටී. ජයසිංහම් මහතා, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී. ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ විශේෂඥයින්, පර්යේෂකයන් හා කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ බුද්ධිමතුන්, රාජ්‍ය නිලධාරීන් සහ උපාධි අපේක්ෂකයින් රැසක් සහභාගී වූහ.

  • දේශීය ආහාර සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් වාද්දූවේදී ‘Laya Food Festival’ ආරම්භ වෙයි

    2023-12-22 20:37:50

    දේශීය ආහාර සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් වාද්දූවේදී ‘Laya Food Festival’ ආරම්භ වෙයි

    යුද්ධ හමුදාවේ කළමනාකාරීත්වය යටතේ පවත්වාගෙන යනු ලබන ලයා හෝටල් සමූහය විසින් සංවිධානය කරන ලද ‘Laya Food Festival’ පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින වාද්දුව ‘ලයා බීච්’ හෝටලයේදී ආරම්භ කරන ලදී.

  • නැගෙනහිර ප්‍රදේශයේ විවිධ ආගමික හා සංස්කෘතික පසුබිම් නියෝජනය කරන පාසල් සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක්

    2023-12-22 20:34:37

    නැගෙනහිර ප්‍රදේශයේ විවිධ ආගමික හා සංස්කෘතික පසුබිම් නියෝජනය කරන පාසල් සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක්

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකය විසින් පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රාදේශීය පාසල් 11 ක සිංහල, දමිළ සහ මුස්ලිම් සිසුන් 46 දෙනෙකු සඳහා ‘නායකත්ව කුසලතා සංවර්ධනය’ යන මැයෙන් දෙදින වැඩමුළුවක් පුනානි බළඇනි පුහුණු පාසලේදී දෙසැම්බර් මස 21 සහ 22 යන දෙදින තුල පැවැත්විණි.

  • 68 පාබල සේනාංකය තේවිපුරම් පාසලේ ළමුන් වෙත පාවහන් සහ පොත් බෙදා දෙයි

    2023-12-22 20:30:53

    68 පාබල සේනාංකය තේවිපුරම් පාසලේ ළමුන් වෙත  පාවහන් සහ පොත් බෙදා දෙයි

    68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සම්බන්ධීකරණයෙන් විදෙස් දානපතියෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව්, තේවිපුරම් පාසලේ ඉගෙනුම ලබන ළමුන් 134 දෙනෙකු වෙත 2024 වසර සඳහා පාසල් පාවහන් සහ පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 19) දින පවත්වනු ලැබීය.

  • මුලතිව් භටපිරිස් අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සේවා සලසයි

    2023-12-22 20:27:41

    මුලතිව් භටපිරිස් අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සේවා සලසයි

    අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් 641 පාබල බලසේනා භටපිරිස් විසින් වසන්තපුරම්, කෙරෙනමඩු, පණ්ඩරවානි, මුත්තුනායගපුරම්, පේරාරු සහ කුලමුරිප්පු යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවල ජීවත් වන විපතට පත් සිවිල් ජනතාව තාවකාලිකව පදිංචිව සිටින ආපදා සහන සේවා මධ්‍යස්ථාන පහකට අවශ්‍ය ආහාර සහ තාවකාලික වාසස්ථාන ලබාදීමට කටයුතු කරන ලදී.