2023-12-26 22:29:30
24 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 242 පාබල බලසේනාවට අයත් 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පොතුවිල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව දෙසැම්බර් මස 21 දින ඌරනි වෛද්‍ය සායන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-12-26 22:24:11
7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අභිමානවත් 8 වන සංවත්සර දිනය වෙනුවෙන් දෙසැම්බර් මස 19 දින සැමරුම් උත්සව මාලාවක් පැවැත්වීය.
2023-12-26 22:19:46
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අංශයේ සිසුන් 81 දෙනෙකු සඳහා "පෞරුෂත්වය සහ නිපුණතා සංවර්ධනය" කිරිමේ අරමුණින් දින පහක පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
2023-12-26 16:50:37
ඉන්දියාවේ පූනේ හි පැවති අභාවප්‍රාප්ත ජෙනරාල් බිපින් රාවත් අනුස්මරණ සම්මන්ත්‍රණය දෙසැම්බර් මස 18 සහ 19 යන දෙදින තුල පැවති අතර, ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ සහ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (INSS) අධ්යක්ෂ ජෙනරාල් කර්නල් එම්.බී.බී.එන් හේරත් ආර්එස්පී, සහභාගී විය. මෙම සම්මන්ත්‍රණයේදී බංගලාදේශට , නේපාලය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල ආරක්ෂක සහ උපාය මාර්ගික කටයුතු පිළිබඳ විශේෂඥයින් විසින් ‘Regional Security: Issues, Challenges and Opportunities’ යන මාතෘකාව යටතේ ඔවුන්ගේ දැනුම සහ අදහස් හුවමාරු කර ගත්හ.
2023-12-24 23:57:44
යුද්ධ හමුදා මූලස්ථානයේ ඉංජිනේරු සේවා අධ්යක්ෂ ඉංජිනේරු සේවා බලකායේ බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ. එදිරිසිංහ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය ඉරිදා (24) දින සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 52 වන වියේ පසුවිය.
2023-12-24 21:09:24
නැඟෙනහිර ප්‍රදේශයේ පාසල් 11 ක ඉගෙනුම ලබන ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් පැවැත්වූ නායකත්ව පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සිකුරාදා (22) දින පූනානි ප්‍රදේශයේ ස්ථාපිත 23 පාබල සේනාංක බලඇණි පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-12-24 21:06:13
ජාතික කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘19 වන ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය - 2023’ පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවති අතර එම තරඟාවලිය සඳහා ප්රමුඛ පෙළේ කඹ ඇදීමේ කණ්ඩායම් 20 ක් සහභාගී වූහ.
2023-12-24 21:03:09
පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන් අතර ආගමික සහජීවනය සහ සිවිල් - හමුදා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 521 පාබල බලසේනාව, 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඒකාබද්ධව පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින මෙතෝදිස්ත බාලිකා උසස් පාසල් ශ්‍රවණාගාරයේදී නත්තල් කැරොල් ගීතිකා වැඩසටහනක් පැවැත්වීය.
2023-12-24 21:00:19
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අසිරිමත් නත්තල නිමිත්තෙන් මුල්ලියාන් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව අයියකච්චි මුල්ලියාන් ශාන්ත සෙබස්තියන් දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින ක්‍රියාත්මක කරන ලදි.
2023-12-24 20:57:51
55 පාබල සේනාංකයේ අභිමානවත් 27 වන සංවත්සර දිනය නිමිත්තෙන් කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මුලස්ථානයේදී පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය.