2023-12-27 20:30:58
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පදිංචි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවයේ නියුතු සෙබළියක් හට නව නිවසක් ඉදිකර දෙන ලදී. 68 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 682 පාබල බලසේනාවේ භටපිරිස්, ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාලය සහ එම සේනාංක බළප්‍රදේශයේ පිහිටි 6 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් එම නිවසේ ඉදිකිරිම් කටයුතු සිදුකළහ.
2023-12-27 20:25:44
නත්තල් දිනයට සමගාමීව ආරක්ෂක හමුදාවන් සහ සිවිල් ජනතාව අතර සංහිඳියාව, සුහදත්වය සහ අන්න්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් 51 පාබල සේනාංකයේ භට පිරිස් විසින් යාපනය “ St. Mary’s Cathedral at Jaffna Bishop's House” දෙව්මැදුරේදී නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 24 ) දින සංවිධානය කරන ලදී.
2023-12-27 20:21:48
විශාකා විද්‍යාල වර්ණ රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු සේනාංකයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21 ) දින සහභාගී විය.
2023-12-27 20:16:30
රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායේ බ්‍රිගේඩියර් බී.ආර්.ඒ ජයරත්න යූඑස්පී නව යුධෝපකරණ සේවා අධ්යක්ෂවරයා ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය බ්‍රස්පතින්දා (දෙසැම්බර් මස 21) දින රාජකාරි භාර ගන්නා ලදී.
2023-12-27 20:12:14
නත්තල් උදාවට සමගාමීව වර්ණවත් නත්තල් කැරොල් ගායනා වැඩසටහනක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 22 )වන අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පවත්වන ලදී.
2023-12-27 20:08:40
15 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 31 වන සංවත්සරය දිනය දෙසැම්බර් මස 25 දින ආගමික වතාවත් සහ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් එම මුලස්ථානයේ දී සමරන ලදී.
2023-12-26 23:13:56
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සීගේ උපදෙස්මත නත්තල සහ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේවයේ නියුතු සිවිල් කාර්යය මණ්ඩලයේ සේවය ඇගයීමට ලක්කරමින් ත්‍යාග පාර්සල් සහ වියළි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පැවැත්විය.
2023-12-26 23:00:21
පනාගොඩ ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා ශාරීරික පුහුණු පාසලේදී දෙසැම්බර් මස 20 දින පැවති විසිර යාමේ පෙළපාලියේදී, පුහුණු උපදේශකවරුන්ගේ පාඨමාලා අංක -16 හැදෑරූ නිලධාරින් මෙන්ම උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - 46, සහකාර ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - 130, සහ පිහිනුම් උපදේශක පාඨමාලාව - 26 හැදෑරූ සෙසුනිලයන්, වෘත්තීය පුහුණු අධිකාරිය විසින් පිරිනමන ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 4 ලබා විසිරගියහ..
2023-12-26 22:51:00
නත්තල සහ 2024 නව වසර උදාව වෙනුවෙන් සියලු නිලයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ සුහදත්වය වර්ධනය කිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 22 ) දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර දී පැවැත්විය .
2023-12-26 22:41:58
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී 2023 දෙසැම්බර් මස 24 දින ගිරිතලේ ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.