2016-12-01 22:30:01
පනාගොඩ, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ දී පැවති යුද හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ සහ තුර්ය වාදක තරඟාවලියේ දී සරඹ ශුරතාවය දිනාගත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම ඇගයීමේ උත්සවයක් එම බලමුළුව විසින් සංවිධානය කරන ලදි.
2016-12-01 22:24:27
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවෙහි භට පිරිස් විසින් ලක්ෂපාන රෝහල් අධිකාරිය විසින් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉරිදි (27) දින එම රෝහල් පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
2016-11-30 17:00:09
යුද හමුදාපතිතුමාගේ මඟපෙන්විම යටතේ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අධ්‍යාපන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින ළමුන් සඳහා නොවැම්බර් මස 23 සහ 24 යන දිනයන්හි පුනරින් මහා විද්‍යාලයේ දී සහ ජයපුරම් මහා විද්‍යාලයේ දී වෙන් වෙන් වශයෙන් අධ්‍යාපනික සම්මන්ත්රණ දෙකක් පවත්වන ලදි.
2016-11-30 16:54:30
කුරුණෑගල පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි අභිමංසල - 3 සුවසහන මධ්‍යස්ථානයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් නොවැම්බර් මස 23 සිට 25 වන දින දක්වා අනුරාධපුර සහ ත්රිකුණාමළය දිස්ත්‍රික්කයෙහි සංචාරයක නිරත විය.
2016-11-29 17:47:30
උතුරේ සංචාරයක නියුතු සිංගප්පූරු විශ්ව විද්‍යාල සිසුන් 67 දෙනෙකු අඟහරුවාදා (22) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.
2016-11-29 17:43:36
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් සෙනසුරාදා (26) දින මහනුවර මහානාම කාන්තා විද්‍යාලයේ, දුනුමඩවල කන්ද තරණය කිරීමේ තරඟය සඳහා සහභාගි වූ ශිෂ්‍යයින් වෙත සහයෝගය ලබා දී ඇත.
2016-11-29 17:42:12
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් හි පූර්ණ සහයෝගය ඇතිව සෙනසුරාදා (26) දින බණ්ඩාරවෙල අමුණුදෝව ශ්‍රී රත්නායක මුදලින්දාරාමය විහාරස්ථානයේ ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.
2016-11-29 17:39:23
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න කුරුණෑගල වැහැරවත්ත පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නිල සංචාරයක නිරත විය.
2016-11-29 17:35:32
‘නීරෝගීමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ යන තේමාව යටතේ තවත් එක් වැඩසටහනක් බ්‍රහස්පතින්දා (24) දින කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සහ දියතලාව ශ්‍රී ලංකා ස්වේචඡා පුහුණූ පාසලේ දී පවත්වනු ලැබීය.
2016-11-29 17:33:25
කිලිනොච්චි සිසුන්ගේ අධ්‍යාපන මට්ටම නගා සිටුවීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ තවත් වැඩසටහනක් සිකුරාදා (25) දින නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.